Sunday, July 28, 2013

"SWAY" සිට "LEONARDO DA VINCHI " දක්වා සටහනක්


"SWAY " යන ගීතය  "Quién será?",නම් මැක්සිකන් " Mambo  ගීතයේ ඉංග්‍රීසි ප්‍රතිනිර්මානයකි..1953 දී මෙම ගීතය මුල්වරට ගයා ඇත්තේ මැක්සිකානු රචකයෙක් හා ගායකයෙක් වූ Pablo Beltrán Ruiz. විසිනි.

 ඉක්බිති මෙම ගීතය ගෙවුණු ශතවර්ශ පහ තුළ ලෝකයේ විවිධ වූ ගායකයන්,ගාය්කාවන් විසින් නැවත නැවතත් ගයා ඇත..එය එසේ වන්නට ඇත්තේ මෙම ගීතය තුළ පවතින රිද්මයද ,ජවයද කිසිදා මහලු නොවන නිසා විය යුතුය.

මොන භාෂාවෙන් ගැයුවද ගීතයක් සදාකාලීක වන්නට එහි පද රචනයේද ,සංගීතයේද , ගායනයේද රිද්මය මුලික හේතුවක් වේ.

..මගේ සිතට දැනුන "SWAY" ගීතයේ කාල තුනක්,වර්ණ තුනක් හා හඬවල් තුනකින් ගැයුණ ගී මෙහි අමුණන්නේ ඒ තුළද වෙනම දෙයක් මට දැනුන නිසාය.. මෙහි තුන්වන version  එක ගැයෙන්නේ අපේ සිංහල හඬකිනි.. එයද හිතා මතා කළ තෝරා ගැනීමකි


An old version of "SWAY"


 by Fank Sinatra





Pop version of "SWAY" by 

Pussy Cat Dolls








New version of "SWAY" by 
Sri Lankan Shanika Somathillleka





බටහිර ගී අසන බොහෝ රැඩිකල් අය හිතන්නේ ඒවා සුළු ධනේශ්වර කලාවේ හෙවනැලි බවය..එහෙත් එය කලාව සම්බන්ධයෙන් වන හැදෑරීමේ පවතින පටුකමේ වැරැද්දකි..මෙම ගීතය හා "මැම්බෝ"සම්ප්‍රය එයට කදිම උදාහරණයකි..

"මැම්බෝ" සංගීතය සම්භවය වන්නේ එම නමින්ම වූ කියුබාවේ සම්ප්‍රදාය්ක නැටුම් විශේෂයක් පදනම් කර ගනිමිනි...Mambo යන්නෙහි අර්ථය කිකොන්ගෝ (Kikongo) භාෂාවෙන් "දෙවියන් හා කෙරෙන සංවාදය "යන්නය්..කිකොන්ගෝ යනු කියුබාවට මාධ්‍ය අප්‍රිකාවෙන් ගෙනා වහලුන් විසින් කතා කරන භාෂාවය්

නුතන මැම්බෝ නර්තනය ආරම්භ වන්නේ 1938 දී  Orestes and Cachao Lópezනම් සොයුරන් විසින්  නිර්මාණය කළ "මම්බෝ" නම් ගීතයෙනි..එහෙත් මැම්බෝ නර්තනයේ මුල් 18 ශතවර්ෂයේ මුල කියුබාව දක්වා දිව යනවා..

 Mambo




අනෙක් අතට 1954 වැනි කාලයක බිහිවන නුතන ලතින් ඇමෙරිකානු නර්තනයේ ජනප්‍රියම නැටුමක් වන "cha cha cha "බිහි වන්නේද මෙම වහල් මුලාශ්‍ර සහිතව සම්භවය වූ "මැම්බෝ"මත පිහිටා



Cha cha cha




ලතින් ඇමෙරිකානු සංගීතය හා නර්තනය යනු හැදෑරීමට හා විඳීමට ගැඹුරක් හා අපුර්වත්වයකින් යුත්  කලා මුලාශ්‍ර වේ..


මෙම සටහන අවසන් කරන්නටද මට හිතෙන්නේ ගීතයක අපුර්ව වූ  ප්‍රතිනිර්මාණයක් අමුණමින්..එය ඉහත කතා කල විෂය හා සම්බන්ධ වන්නේ මෙම සිංහල ගීතය ගයන්නේ ඉහත "Sway"ගීතයේ නව version එක ගැයූ  ශ්‍රී ලාංකික ගාය්කාවම වීමය..ශානීකා සෝමතිලක නම් ඇයත් ඇගේ සොයුරුය වන අනුශ්කාගේ හඩත් මා අසන්නේ ඔවුන් තම ගී ගැයීමට යොදා ගන්නා වේදිකාව වන අන්තර් ජාලය හා  Face book ආශ්‍රයයෙනි

කලා ප්‍රකාශනය සඳහා වන වේදිකාවන් නුතන ලෝකය තුළ බොහෝ වෙනස්වෙනු ඇත..මේ නුතන තාක්ෂණය විසින් බිහි කර දී ඇති එවැනි එක් විකල්ප වේදිකාවකි..මේ වේදිකාව තුළ මේ නිවුන් සොයුරියන්බොහෝ ජනප්‍රිය පදනමක් ගොඩ නගා ගැනීමට සමත්ව ඇත




ගීත නැවත ප්‍රති නිර්මාණය නොහොත් New versions බිහිවීම මුල් ගායකයන් සම්බන්ධව බලද්දී කෙතරම් සදාචාරවත්ද..මට සිතෙන්නේ එය නොවැලැක්විය හැකි තත්වයක් බවට පත්ව ඇති බවය්..ඒ අතින් ගායකයන්ට වඩා පද රචකයන් හා සංගීත අධ්‍යක්ෂවරුන් වාසනාවන්ත වන්නේ ඔවුන්ගේ සටහන් ඒවා තුළ නොමැකී ඇති බැවිනි

ගායකයන්ටත් වඩා නුතන ලෝකය තුළ චිත්‍ර ශිල්පීන් වැන්නවුන් තවත් අසරණ තත්වයකට වැටේ...මොනාලීසා චිත්‍රයේ පිටපතක් ගැනීමට අද රුපියල් කීපයක් වියදම් කිරීමෙන් පුළුවන..එහි මුල් චිත්‍රයේ අගය සංකල්පීය ලෙස එහි නැති බව ඇත්තකි...එහෙත් නුතන තාක්ෂණය මොනාලීසා පිටපත් කරය්

මේ නිසා නුතන ලෝකය තුළ ඩාවින්චිලාටත් සිත රිදවා ගැනීමට සිදුවීම නොවැලැක්විය හැකි කාරණයක් බවට පත්ව ඇත