Friday, April 17, 2015

නිමල් මෙන්ඩිස් - ජනප්‍රිය ඉංගිරිසි සංගීතයේ do re mee වලින් ජනප්‍රිය සිංහල හද ගැස්ම ලියු සදාකාලික තරුණයා

ලාංකීය සිනමා සංගීතයේ තවත් සංධිස්ථානයක් නික්ම ගොසිනි ..
එහෙත් එම මතකය සදාකාලිකය .
.ගීතය අපට ලංවන්නේ මතකය සමගය ..
නිමල් මගේ සිතේ සිටින්නේද එම මතකය සමගය 


සුමිත්‍රා පිරිස් ගේ 'ගැහැණු ළමයි "තිරගත වන්නේ අප මහනුවර ධර්මරාජේ දහය පන්තියේ ඉගැනුම ලැබූ කාලයේය ..
ඒ කාලයේ අපේ සිනමා රසයේ "ගැහැණු ළමයි"(1978) චිත්‍රපටය පරමාදර්ශය නොවුනත් ෆැන්ටසියක් විය ..
ඒ කාලයේ අපට ආදරේ හිතුනු ළමයි ගේ මුහුණුවර කුසුම් නොහොත් වසන්ති චතුරානි ට ද ලංවිය 

පාසැල් කාලයේ ෆැන්ටසියක් වූ "ගැහැණු ළමයි "ඊට වසර 25 කට පමණ පසු මමම තිර රචනය ලියා "ගැහැණු ළමයි "ටෙලි නාට්‍යයේ මුල් කොටස් පනහ අධ්‍යක්ෂණය කිරීමට පෙලබීමද අපුර්ව අහන්බයකි ("ගැහැණු ළමයි" ටෙලි නාට්‍යට  අවසානේ වූ දෙය නම් මට සදා කාලික දුකකි )

මගේ කුසුම් වුයේ නිලුක්ෂිය ..
කුසුම් සොයා වූ වෙහෙසේ අවසානේ මගේ නිර්මාණ හිත ඇ ළඟ නතර විය ..
ඒ වන විට ඇය රඟ පා තිබුනේ ටෙලි නාට්‍ය දෙකක් වූ අතර ඉන් සමු ගෙන රැකියාවක් කරමින් සිටියාය ..නිලුක්ෂි මට මතක තිබුනේ අසෝක  අතාවුදහෙට්ටිගේ ටෙලිනාට්‍යක චරිතයකිනි ..
එය බැලු අතීතේ දිනෙක මා ගංගාට නොහොත් මගේ බිරිදට කියා තිබුනේ යම් දවසක මා නිර්මාණයක් කරන්නේ නම් මේ ළමයා මට මතක් කර දෙන ලෙසය .
ඇයව මතක් කලේද ගංගා මය .ජීවිතයත් මාර දෙයකි 

එය මාරම වන්නේ මා දුටු අසොකගේ ටෙලියේ නිලුක්ෂි රගපැවේ වසන්ති සමග වීමය .
.ඒ කෙසේ වෙතත් මගේ හැත්තෑව දශකයේ කුසුම් හා වසන්ති පිළිබද මතකය කිසිවෙක් අභිභවා නොසිටී ..නිමල් මෙන්ඩිස් ගේ සංගීතය ද එසේමය 



නිමල් සංගීත අධ්‍යක්ෂණය කල ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ "අහසින් පොළොවට "චිත්‍රපටයේ "උපුල් නුවන් විදහා "ගීතයද අපුර්වම ජීවිත මතකයකි ..

ලාංකීය සංගීතයේ වෙනත් කිසිදු සංගීත අධ්‍යක්ෂවරයෙක් සතු නොවූ color එකක්‌ නිමල් සතු විය ..




නිමල් මෙන්ඩිස් ගේ ගීත අතර මා වඩාත් ආකර්ෂණය වන්නේ ලෙස්ටර්ගේ 'සීතා දේවි "සදහා ඔහු නිර්මාණය කල "නිම් හෙව්වා "ගීතය ටය ..


එහෙත් මගේ වියමන එතනින් හමාර කල නොහැක ..
ගඟ අද්දර ගැන මෙන්ම නිමල් මෙන්ඩිස් නිර්මාණ කතාවේ මුල්ම පරිච්ජේදය වූ "මාස්ටර් සර් "ගැනත් 
මෙහි නොලියු එවන් අපුර්ව ගීත ගැනත් තව බොහෝ දේ ලිය යුතුව තිබේ 




ඔහු ජනප්‍රිය ඉංගිරිසි සංගීතයේ do re mee වලින් ජනප්‍රිය සිංහල හද ගැස්ම ලියු සදාකාලික තරුණයෙකි 

නිමල් මෙන්ඩිස් මිය යන්නේ තවමත් තරුණ නිර්මාණ ගොන්නක් අප ළඟ තබාය ..
එවන් වූ මිය ගිය තරුණයන් අපේ කලාවේ අල්පය