Friday, November 22, 2013

මගේ සින්දු හිත - "මේ තනි යහනේ " - දීපිකාට ඇත්තේ හඩක් නොව හදවතේ හැගීම් පිටකර හරින අපුර්ව හැකියාවකි




දීපිකා ගයා ඇති බොහෝ ගී මගේ සින්දු හිත බෙහෙවින් ප්‍රිය කරයි ..
මෙම ගීතයද ඒ අතර විශේෂයක් දරයි .

.ගීතය තව දුරටත් කනින් අසා රස විඳින කලාවක්ම නොවේ ..
ශබ්ද /රුප කලාවක ගායකයාද performer කෙනෙක් වීම අත්‍යවශ්‍ය වෙයි 
දීපිකා ඒ අතින්ද අප අතර මුලින්ම සිටී ..
ඇය ගයන්නේ හදවතින් බව අපට දැනේ 
එය කෙතරම්ද යත්
 දීපිකාගේ ගීයක් ඇගේ හඬින් ඇසීමටද වඩා ඇය ගයනු දැකීම වඩාත් හැගීම් මවයි 

දීපිකාට  ඇත්තේ හඩක් නොව හදවතේ හැගීම්  පිටකර හරින අපුර්ව හැකියාවකි  
සංගීතය යනු සැබවින්ම මෙය නොවේද 

සංගීතය පමණක් නොව පොදුවේ කලාවම සරළව එයයි 
කලාවට රූප ,අකුරු ,වර්ණ ,රිද්ම ,අභිනව පවතින්නේ කියා ගැනීමටය 
කියා ගැනීමට ඇත්තේ හදවතයි ..හදවත හා බැඳුනු සමාජය හා ලෝකයයි

ගීතයක් යනු හඩම නොවේ 
කරුණාදාස සපුතන්ත්‍රී වීයා ඇති මෙම පද කෙතරම් සරළ හා ගැඹුරුද 
මෙම පද වලට ලිංග බේදයක් , දේශපාලනයක් ,කාලයක් දේශයක් තිබේද ?
මට හිතෙන්නේ සපුතන්ත්‍රී ගේ මෙම පද වියමන් ඒවා අභිභවා සිටින බවයි 

මෙම ගීතයේ සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහය 
අපේ සංගීතයේ රෝහණගේ අපුර්වත්වය මේ ගීතය තුළද තිබේ 



ප්‍රේමයද හුදු රගපෑමක් වන ලෝකයක 
ප්‍රේමය වෙනුවෙන් අවංක වූ ඒ වෙනුවෙන් විරහ වේදනා විදින 
නළු නිළියන් නොවන මිනිසුන්ද ගැහැණුන්ද තවම මේ ලොව සිටී 
මේ ලෝකය තව දුරටත්  මනුෂ්‍ය ලෝකයක් වන්නේ ඒ නිසාය 

කෙනෙක්ගේ හදවතේ නැගුන සැබෑ  ප්‍රේමය සදාකාලිකව පවතී 
ව්‍යාජ වූ වටපිටාව එය වෙනස් නොකරයි 


Saturday, November 9, 2013

මගේ political හිත - 1





මට විභුති මුලින්ම හමු වන්නේ අසුව දශකයේ අගය ..

මා "ලක්දිව 'ට "හිරු"ට කෙටිකතා ලියු කාලයේ මගේ කෙටිකතා අත්පිටපත මට්ටමේම කියවීමට 
ඔහු මග බලා සිටි සැටි 
මගේ මතකයේ තාමත් තිබේ ..

මට විභුති බොහෝ කාලයකින් හමුවුයේද නැත..
දැන් මම කෙටිකතාද නොලියමි .

.බොහෝ කාලයකින් මට කෙටි කතාමය නිර්මාණ ආවේගද නැත

Sunday, October 13, 2013

MAGE SAHURDHA SITHA: සාමා අමර එන්න මල් පිපීලාද බලන්න,CHE ගේ සුරුට්ටුව ...

MAGE SAHURDHA SITHA: සාමා අමර එන්න මල් පිපීලාද බලන්න,CHE ගේ සුරුට්ටුව ...:                  1  සාමා අමර එන්න    මල් පිපීලාද බලන්න FACE BOOK   එකේ දුටුවා මේ කවිය                 ….. නවනාදන් පිල්ලේ නෝනා...

Saturday, October 5, 2013

WHO KILLED BOB MARLEY

WHO KILLED BOB MARLEY

බොබ් මාලේ ( 1945 - 11 මැයි 1981 )  වූ කලී සංගීතය තුළ බිහි වූ දේශපාලනික කතිකාවකි ..ඔහුගේ හඬ ,ගීතය ,ස්වරය නියෝජනය කළේ තමන් උපන් භූමියේද ,ජනතාවගේද හඬ හා හදවත් ස්පන්දනයයි




(Quote from wikipedia )

Nesta Robert Marley OM (6 February 1945 – 11 May 1981) was a Jamaican singer-songwriter who achieved international fame through a series of crossover reggae albums.[1][2] Starting out in 1963 with the group the Wailers, he forged a distinctive songwriting and vocal style that would later resonate with audiences worldwide. The Wailers would go on to release some of the earliest reggae records with producer Lee Scratch Perry.[3] After the Wailers disbanded in 1974,[4] Marley pursued a solo career which culminated in the release of the album Exodus in 1977 which established his worldwide reputation.[5] He was a committed Rastafarian who infused his music with a profound sense of spirituality.[6]

Search you tube 

Bob Marley - Bio Channel Documentary (2004)




බොබ්  සංගීතයේ චේ විය ..ඔහු පොදුජන සංගීතයක් ලෝකය තුළ වඩා දේශපාලනික හා සංස්කෘතික අර්ථයකින් භාවිතයට ගත් 
මානව හිතවාදී  සංගීතකාරයෙකි 


WAR 





WHO KILLED BOB



මානව හිමිකම් වෙනුවෙන් ලෝකයේම වඩාත් නුතන professional මානව හිතවාදියා ලෙස පෙනී සිටින ඇමෙරිකාවට බොබ් ගේ මරණයත් ගිණුම් ගතව තිබේ..

ඒ අර්ථයෙන් ගත් කල ඇමෙරිකාවට විරුද්ධ වූ බොහෝ ප්‍රති වීරයන් මිය ගොස් ඇත්තේද පිළිකාවලිනි ..එය පශ්චාත් නුතන ලෝක දේශපාලනයේ  දිට්ඨ  ධම්ම වේදනීය  කර්මය ලෙස ඉතිහාසයේ ලියවෙනු ඇත ..එහෙත් ඒවාට  වැඩි ආයුෂ නැත ..

බලයෙන් උමතු වුවන් ඒ තුළින්ම විනාශ වේ 






Monday, September 16, 2013

ධර්මසිරි බණ්ඩාරනායකලා ඇත්තේ එක් අයෙකි

මගේ සින්දු  මතකය 1 

ගීතයක් අපේ සිතට එන්නේ බොහෝ ජීවිත මතකයන්ද ඒ හා සිතට කැදවමිනි ..වෙනත් කිසිදු කළා මාධ්‍යකට වඩා මෙම පුර්ව ඥානනීය අනුභූතිය (Pre cognitive  experience ) ගීතය හා බැදී පවතිනවා ..
එම අනුභූතිය පුද්ගලික විය හැකියි ..නැතොත් සමුහ හෝ සමාජ විය හැකියි

ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක් " චිත්‍රපටයේ එන ගීතද මගේ සිතට ගෙන එන්නේ 
එවැනි මතක කන්දරාවකි  ..
එය හැත්තෑවේ හා අසුව දශකයේ මුල අපේ තරුණ සිත් නැවත අවදි කිරීමක් ලෙස ද  දැනේ ..

"සදුන් සිහින මණ්ඩපයේ
ප්‍රාර්ථනා පියා සලයි "



"හංස විලක්"මුල්වරට තිරගත වුයේ 1980 .10.24 දිනය ..

හංස විලක් වූ කලී ලාංකීය තරුණ සිනමාවේ අපුර්ව වූ මතක සටහනකි ..

එවකට  මා සිටියේ මහනුවර ධර්මරාජේ ඉගැනුම ලබමින්ය ..Zoology ලැබ එකේ ගෙම්බෝ කපන අතරද සිනමාව හා මාක්ස්වාදය ගැනද ,ප්‍රේමය ගැනද බොහෝ දේ අප කතා කරන්නට පටන් ගත් මුල් යුගය එයයි ..යථාර්තවාදී සිනමාවක් වෙනුවෙන් පෙනී සිටි ,  ඒ වෙනුවෙන් බොහෝ දේ ලියු කියූ අපට ධර්මසිරිගේ චිත්‍රපටය ගෙන දුන්නේ ආහ්ලාදයකි..

ධර්මරාජයේ බිහි වූ සිනෙරු කලා සංසදය  අපේ සිනමා කතා වලට හා මතවාද වලට  
එවකට අපට වේදිකාවක් විය 







"හංස විලක්"චිත්‍රපටයට සාපේක්ෂව එම වකවානුවේම ධර්මසේන පතිරාජ ගේ "පාර දිගේ" හා පරාක්‍රම සිල්වාගේ "හෙවනැලි ඇද මිනිස්සු" ද තිරගත විය ..එවකට මගේ පන්ති සගයා වූ රුචින්ද්‍ර අබේතුංග සමග එක්ව මා විචාර නම් කලා විචාර පත්‍රිකාව පල කල කාලයයි ..එම පත්‍රිකාවට අප ලියු මෙම චිත්‍රපට තුන පිළිබද විචාරයේ හෙඩිම තාමත් සමහරෙක් මතක් කරයි ..

විවෘත විදුලි රැහැන් දෙකක් අතරින් මිදී සිංහල සිනමාව ගමනක් යයි 


මෙම චිත්‍රපටය හා හිතට එන මතක අතර ප්‍රේමසිරි කේමදාසගේ සංගීතය , සුනිලා අබේසේකර ,T .M .ජයරත්න හා නන්ද මාලිනීගේ හඬ මෙන්ම මේ පද රචනාද සදාතනිකය ..මෙයින් "හෙමින් සැරේ පියා විදා" ගීතය ලියුවේ ධර්මසේන පතිරාජ බව දනිමි ..

පති ලියා ඇති මෙම ගීතය ඇතුළු ගීත දෙක තුන අපේ ගීත සාහිත්‍යයට නැවුම්ය ..
ඔහේ ගීත දුසිම් ගානක් ලිවීමත් එක හොඳ ගීතයක් ලිවීමත් අතර වටින්නේ දෙවැන්නය 

.."හෙමින් සැරේ පියා විදා 
සිනිදු සයනේ සුමුදු ඇතිරිල්ලෙන් 
පලා ඇවිත් සිතුම් සියොතුන් .."



"හංස විලක් " රංග භූමිකාවන්ද සදාතනික මතක අතර තිබෙයි ..
ධර්මසිරි ,ස්වර්ණා ,වසන්ති හා හෙන්රි ජයසේන පමණක් නොව ජී .ඩබ් .සුරේන්ද්‍රද ඒ අතර වෙයි

මැතක ධර්මසිරි හා දොඩද්දී මා ඔහුගෙන් එක ඉල්ලීමක් කළෙමි ..එනම් තව එක් චිත්‍රපටයක හෝ රඟන ලෙසය .

.සිංහල සිනමාවේ බිහි වූ නළුවන් බොහෝය ඒත් ධර්මසිරි බණ්ඩාරනායකලා ඇත්තේ එක් අයෙකි..සිංහල සිනමාවේ අධ්‍යක්ෂකවරුන් අතරද එසේමය ..ධර්මසිරිගේ සිනමාව ඔහුටම ආවේනික ගුණයන්ගෙන් සපිරිය 



Friday, September 13, 2013

සාමා අමර එන්න මල් පිපීලාද බලන්න,CHE ගේ සුරුට්ටුව සහ stand by me

                
සාමා අමර එන්න  මල් පිපීලාද බලන්න


FACE BOOK  එකේ දුටුවා මේ කවිය

                …..නවනාදන් පිල්ලේ නෝනා
                ගෙදර යන ගමන්
                සිරියාවේ මල් පිපීලාද බලන්න….

මෙ කවිය ලියු කෙනාගේ නම මතක නොතිබීම කනගාටුවක් ...!
මේ කවිය තුළ අපුර්ව political වියමනක් තියෙනවා 

                සාමා අමර එන්න
                මල් පිපීලාද බලන්න


2
CHE ගේ සුරුට්ටුව 



Aleida Guevra කියන්නේ චේ ගේ දියණියයි ..ඇය වරක් මෙසේ කියා තිබෙනවා "...මගේ පියා හොඳට දැන  හිටියා ආදරේ කරන හැටි ..and that was the most beautiful feature of him – his capacity to love...නියම විප්ලවවාදියෙක් වෙන්න නම් මට හිතෙන්නේ ඒ කෙනා romantic කෙනෙක් වෙන්න ඕනේ මගේ පියා වගේ ...මගේ පියා කැප වුනේ අනෙක් අයගේ උවමනාවන් වෙනුවෙන් ....අපට ඔහුව අනුගමනය කල හැකි නම් ලෝකය මීට වඩා සුන්දර ස්ථානයක් වෙවී .."



පහත පළවන ඡායාරුපයේ සිටින්නේ දෙහැවරදි  Alieda ,Che හා Fidel Castro ය ...මෙය දුම්වැටි විරෝධීන්ගේ බලවත් විරෝධයට හේතු විය හැකි ඡායාරුපයක් විය හැකියි .එහෙත් එක දෙයක් අපට මතක තියාගන්න වෙනවා ...che ගේ සුරුට්ටුව යනු  ඔහුගේ චරිතයේම කොටසකි ..!



පිදෙල් කස්ත්‍රෝ වරක් මෙසේ කියා ඇත .."ඉතිහාසය නිර්මාණය  කරන්න මිනිසුන් දායක වෙනවා ..ඒ අතරම ඉතිහාසය විසින්ද මිනිසුන් නිර්මාණය කරනු ලබනවා "



චේගුවේරා වූ කලි ඉතිහාසය නිර්මාණය කරන්න පෙරමුණගත් මිනිසෙක් වගේම ඉතිහාසය විසින් නැවත නැවතත් ප්‍රතිනිර්මාණය කල විප්ලවවාදියෙක් ..මානව හිතවාදියෙක් ..ප්‍රති වීරයෙක්..නුතන මිනිසෙක් 


3
STAND BY ME

"Stand by me "  නම් බටහිර ගීතය මුලින්ම ගායනා  කලේ Ben E. King විසින් .


පහත ඇත්තේ එහි නව  version එකක් ..එහි දැනවෙන බහු අර්ථ බොහෝයි 




මෙම ගීතයේ පද රචනය දෙස බලද්දී එය ප්‍රේම ගීතයක් බව පැහැදිලියි ..එහෙත් ඒ තුළ මානව හිතවාදී ගුණයක් ද පවතිනවා ..මෙහි ඇති Darling (වස්තුව )යන පදයට Comrade (සහෝදරයා හෝ සහෝදරිය ) යන්න යොදා බලන්න ( ඒ කෙසේ වෙතත් darling යන ඉංග්‍රීසි වචනයට ඇති වස්තුව යන සිංහල වචනය අමු 
වැඩි යෑයි මට හිතෙනවා.ඊටත් වඩා හැඟුම් විරහිත Comrade යන්න සහෝදරයා ලෙස සිංහලයට ඒම..මෙරට  මාක්ස්වාදී ව්‍යාපාරය කෙතරම් නුතන මුහුණුවර අත් කරගත්තද Comrade තාම පරණ සහෝදරයාමය !!!)

 When the night has come and the land is dark And the moon is the only light we see
 No, I won't be afraid, oh, I won't be afraid Just as long as you stand, stand by me

So darling, darling, stand by me, oh, stand by me Oh, stand, stand by me, stand by me

If the sky that we look upon should tumble and fall Or the mountain should crumble to the sea I won't cry, I won't cry, no, I won't shed a tear Just as long as you stand, stand by me

And darling, darling, stand by me Darling, darling, stand by me Whenever you're in trouble Won't you stand by me, oh, stand by me

------------

12 October 2013) - I wish to add few more versions of stand by me which has its own colors.


This version of "Stand by me " is by great Jhon lenon of Beatles



The second version is by Elvis



Monday, September 9, 2013

සුනිලාට හිමි අපුර්ව කටහඩක් විය.එම හඬ අපගේ මතකයට හා ජීවිතයට බොහෝ කිට්ටුය


සුනිලා අබේසේකර මිය ගොස්ය ..එසේ ඇය  මිය ගොස් සිටින්නේ අපුර්ව ගැහැණියක් පිලිබඳ නොමියන මතකයක් සමාජ සංස්කෘතියට එක් කරමින් යෑයි  මට සිතේ ..





මෙයට ටික කලකට  පෙර මා  ඇලුම් කරන හා ගරු කරණ ගැහැණුන් කීප දෙනෙක් පිලිබඳ DOCUMENTRY පෙළක් කරන ලෙස යෝජනාවක් මතු විය ..මගේ හිතට ඒ වෙලාවේ  ආ නම් අතර සුනිලා අබේසේකර මුලින්ම විය ..ඒ යෝජනාව  ක්‍රියාත්මක නොවීම පිළිබඳ මා වඩාත්ම දුක් වන්නේ දැන්ය ..

සුනිලා මිය යන ලෝකයේ ඇය වඩාත් අවධානයට හා ඇගයීමට ලක්ව සිටියේ මානව හිමිකම් හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින කාන්තා නායිකාවක් ලෙසිනි ..ජාත්‍යන්තරවද ඇය එම භූමිකාව තුළ සුවිශේෂී වන්නීය ..එහෙත් මගේ කල්පනය තුල  ඇය වීරවරියක් හා ප්‍රති වීරවරියක් වන්නේ සංස්කෘතික හා කලා ලෝකය තුල සුනිලාගේ භූමිකාව තුලය ..ඇගේ සමාජ දේශපාලනය හා එකගත්වයක් මට නොවන්නේ එයට වඩා වෙනත් මතවාදයක මා  සිටින නිසා විය යුතුය ..පෙර සඳහන් කළ documentriya කිරීමට යම් හෙයකින් මට ලැබුනද ඇගේ සමාජ දේශපාලනික භූමිකාව සම්පුර්ණයෙන් අතහැර එය මා  කරනු නිසැකය ..එය සුනිලාට කරන අසාධාරණයක් යැයි මට නොසිතේ ...

සුනිලා මෙරට කලා සංස්කෘතික ලෝකයට පිවිසෙන්නේ විකල්ප සිංහල සිනමාවත් සමගය ..ධර්මසේන පතිරාජගේ සිනමා කෘති බොහොමයක් ආශ්‍රයේ සුනිලා වැඩ කළාය .. එමෙන්ම සිනමාව හා කලාව ආශ්‍රයේ එවකට වූ සමාජ දේශපාලන කතිකාවන් තුළද ඇය සිටියාය ...

සුනිලා වූ කලී  මෙරට කලාව හා සංස්කෘතික ලෝකය තුල මුලින්ම බිහි වූ විකල්ප කාන්තාවන් අතර පෙරමුණ ගන්නියකි

සුනිලාට හිමි අපුර්ව කටහඩක් විය..එම කටහඩ හිමි ඇයට පමණය...එම හඬ අපගේ මතකයට හා ජීවිතයට බොහෝ කිට්ටුය





                                         

Friday, August 16, 2013

SOME OF MY THOUGHTS ON "ART EKA "


SOME OF MY THOUGHTS ON "ART EKA "


I shared some of my thougts on Art on Sirasa TV "ART EKA" some time back..
This was Directed by Gihan Ranga Bandara




















SOME OF MY FEELINGS GOT IN TO MELODIES


SOME OF MY FEELINGS GOT IN TO MELODIES





"APA SITH YAWEE " BY SAMITHA


"APA SITH YAWEE " BY KITHSIRI





"VASANTHE" BY URESHA

Monday, August 5, 2013

වර්තමාන ලාංකීය තොරන් සිනමාව සහ මනිරත්නම් ගේ සිනමාව



මගේ සිතට  කිසියම් නිර්මාණයක් පිවිසෙන්නේ එය කෙතරම් classical  ද නැතොත් popular ද යන න්‍යායේ පිහිටා නොවේ ..එය කෙතරම් මට දැනෙන්නේද යන "දැනෙන ගතියේ "සිටය් ...

මා අසා ඇති ,මට දැනුනු Film theme music සිය ගණනක් අතර මනිරත්නම් ගේ Bombey චිත්‍රපටය සදහා A .R රහුමාන් කල නිර්මාණය හැම දා මතකයේ පවතී ..

මගේ සිත මේ බෙදාගන්නා සංගීත ඛණ්ඩය එම තේමා ගීයේ බටනලාව නම් වූ එක් සංගීත භාණ්ඩයක අපුර්වත්වය  අපට කතා කල හැකි සංගීත භාෂාවේ ගැඹුර පෙන්වය් ...සංගීතය දනවන්නට symphony ,orchestra අවශ්‍යම නැත ..එක් සංගීත භාණ්ඩයක්ද සැහේ ..




මට නැවත අනුරාධා ශ්‍රී රාම් මේ සටහනටද ගෙන එන්නට සිදුවන්නේ අහම්බයක් ලෙසය ...කටහඩ ද සංගීතය වෙය් ...අනුරාධා ගේ මේ හඩට සියළු සංගීත භාණ්ඩ දෙවනි වෙය්




මනිරත්නම් ඉන්දියානු ජනප්‍රිය සිනමාව විනෝදයෙන් වින්දනයට හා නිර්මාණාත්මක ප්‍රකාශණයට රැගෙන ගිය නිර්මාණකරුවෙකි ..ධර්මසේන පතිරාජ ගේ වචනයෙන් හඳුන්වන්නේ නම් වර්තමාන ලාංකීය තොරන් ජනප්‍රිය සිනමාව අධ්‍යනය කළ යුතු හරවත් ජනප්‍රිය සිනමාවක් වන්නේ මනිරත්නම් ගේ සිනමාවය්

















Saturday, August 3, 2013

"SANDAWATHI"


       මේ ගීතයක් වූ මා ලියු මුල්ම පද වැලය් .එදා මෙදා තුර බොහෝ දේ ලෝකයේ වෙනස් වී ඇතත් මගේ හිත හැමදාමත් එසේම පවතී .ජීවිතය යනු කලින් කලට වෙනස්වන දෙයක් නොවේ .එය සදාකාලිකය .මේ ගීතය පිළිබඳ මගේ මතකද එසේය .






THIS SONG WAS SUNG BY ANURADHA SHRI RAM OF INDIA, WHOM I ADMIRE MUCH.SHE IS ONE OF THE GREATEST PLAY BACK SINGERS IN INDIA.I HAVE NEWER MET HER,BUT SHE CALLED ME JUST BEFORE THE RECORDING WHICH HAPPENED IN INDIA, TO DISCUSS THE FEELING OF MY LYRICS.I SENT HER AN ENGLISH TRANSLATION OF IT & SINHALA PADA WRITTEN IN ENGLISH.SHE SANG THIS SONG WITHOUT ANYONE WHO KNOWS SINHALA....!. MUSIC DIRECTOR OF THIS SONG IS DANU,A HIGHLY REGARDED MUSIC DIRECTOR IN SOUTH INDIA.



AS AN APPRECIATION TO ANURADHA I AM SHARING HER PROFILE & FEW SONGS SHE HAS SUNG WHICH ARE ON MY MEMORY LINE.".....Anuradha Sriram debuted with Tamil Cinema industry in the song "Malarodu Malaringu" from Bombay (film).






 in the year 1995 when she sang for AR Rahman. Her first solo was for A R Rahman in Indira.

She specializes in Carnatic music and has sung in over 1000 concerts worldwide. She is keenly interested in folk music. She has featured in a number of jugalbandhi or fusion concerts along with her husband, Sriram Parasuram, is a Hindustani maestro.[1] She has sung more than 3000 songs in various languages.
Films





Sunday, July 28, 2013

"SWAY" සිට "LEONARDO DA VINCHI " දක්වා සටහනක්


"SWAY " යන ගීතය  "Quién será?",නම් මැක්සිකන් " Mambo  ගීතයේ ඉංග්‍රීසි ප්‍රතිනිර්මානයකි..1953 දී මෙම ගීතය මුල්වරට ගයා ඇත්තේ මැක්සිකානු රචකයෙක් හා ගායකයෙක් වූ Pablo Beltrán Ruiz. විසිනි.

 ඉක්බිති මෙම ගීතය ගෙවුණු ශතවර්ශ පහ තුළ ලෝකයේ විවිධ වූ ගායකයන්,ගාය්කාවන් විසින් නැවත නැවතත් ගයා ඇත..එය එසේ වන්නට ඇත්තේ මෙම ගීතය තුළ පවතින රිද්මයද ,ජවයද කිසිදා මහලු නොවන නිසා විය යුතුය.

මොන භාෂාවෙන් ගැයුවද ගීතයක් සදාකාලීක වන්නට එහි පද රචනයේද ,සංගීතයේද , ගායනයේද රිද්මය මුලික හේතුවක් වේ.

..මගේ සිතට දැනුන "SWAY" ගීතයේ කාල තුනක්,වර්ණ තුනක් හා හඬවල් තුනකින් ගැයුණ ගී මෙහි අමුණන්නේ ඒ තුළද වෙනම දෙයක් මට දැනුන නිසාය.. මෙහි තුන්වන version  එක ගැයෙන්නේ අපේ සිංහල හඬකිනි.. එයද හිතා මතා කළ තෝරා ගැනීමකි


An old version of "SWAY"


 by Fank Sinatra





Pop version of "SWAY" by 

Pussy Cat Dolls








New version of "SWAY" by 
Sri Lankan Shanika Somathillleka





බටහිර ගී අසන බොහෝ රැඩිකල් අය හිතන්නේ ඒවා සුළු ධනේශ්වර කලාවේ හෙවනැලි බවය..එහෙත් එය කලාව සම්බන්ධයෙන් වන හැදෑරීමේ පවතින පටුකමේ වැරැද්දකි..මෙම ගීතය හා "මැම්බෝ"සම්ප්‍රය එයට කදිම උදාහරණයකි..

"මැම්බෝ" සංගීතය සම්භවය වන්නේ එම නමින්ම වූ කියුබාවේ සම්ප්‍රදාය්ක නැටුම් විශේෂයක් පදනම් කර ගනිමිනි...Mambo යන්නෙහි අර්ථය කිකොන්ගෝ (Kikongo) භාෂාවෙන් "දෙවියන් හා කෙරෙන සංවාදය "යන්නය්..කිකොන්ගෝ යනු කියුබාවට මාධ්‍ය අප්‍රිකාවෙන් ගෙනා වහලුන් විසින් කතා කරන භාෂාවය්

නුතන මැම්බෝ නර්තනය ආරම්භ වන්නේ 1938 දී  Orestes and Cachao Lópezනම් සොයුරන් විසින්  නිර්මාණය කළ "මම්බෝ" නම් ගීතයෙනි..එහෙත් මැම්බෝ නර්තනයේ මුල් 18 ශතවර්ෂයේ මුල කියුබාව දක්වා දිව යනවා..

 Mambo




අනෙක් අතට 1954 වැනි කාලයක බිහිවන නුතන ලතින් ඇමෙරිකානු නර්තනයේ ජනප්‍රියම නැටුමක් වන "cha cha cha "බිහි වන්නේද මෙම වහල් මුලාශ්‍ර සහිතව සම්භවය වූ "මැම්බෝ"මත පිහිටා



Cha cha cha




ලතින් ඇමෙරිකානු සංගීතය හා නර්තනය යනු හැදෑරීමට හා විඳීමට ගැඹුරක් හා අපුර්වත්වයකින් යුත්  කලා මුලාශ්‍ර වේ..


මෙම සටහන අවසන් කරන්නටද මට හිතෙන්නේ ගීතයක අපුර්ව වූ  ප්‍රතිනිර්මාණයක් අමුණමින්..එය ඉහත කතා කල විෂය හා සම්බන්ධ වන්නේ මෙම සිංහල ගීතය ගයන්නේ ඉහත "Sway"ගීතයේ නව version එක ගැයූ  ශ්‍රී ලාංකික ගාය්කාවම වීමය..ශානීකා සෝමතිලක නම් ඇයත් ඇගේ සොයුරුය වන අනුශ්කාගේ හඩත් මා අසන්නේ ඔවුන් තම ගී ගැයීමට යොදා ගන්නා වේදිකාව වන අන්තර් ජාලය හා  Face book ආශ්‍රයයෙනි

කලා ප්‍රකාශනය සඳහා වන වේදිකාවන් නුතන ලෝකය තුළ බොහෝ වෙනස්වෙනු ඇත..මේ නුතන තාක්ෂණය විසින් බිහි කර දී ඇති එවැනි එක් විකල්ප වේදිකාවකි..මේ වේදිකාව තුළ මේ නිවුන් සොයුරියන්බොහෝ ජනප්‍රිය පදනමක් ගොඩ නගා ගැනීමට සමත්ව ඇත




ගීත නැවත ප්‍රති නිර්මාණය නොහොත් New versions බිහිවීම මුල් ගායකයන් සම්බන්ධව බලද්දී කෙතරම් සදාචාරවත්ද..මට සිතෙන්නේ එය නොවැලැක්විය හැකි තත්වයක් බවට පත්ව ඇති බවය්..ඒ අතින් ගායකයන්ට වඩා පද රචකයන් හා සංගීත අධ්‍යක්ෂවරුන් වාසනාවන්ත වන්නේ ඔවුන්ගේ සටහන් ඒවා තුළ නොමැකී ඇති බැවිනි

ගායකයන්ටත් වඩා නුතන ලෝකය තුළ චිත්‍ර ශිල්පීන් වැන්නවුන් තවත් අසරණ තත්වයකට වැටේ...මොනාලීසා චිත්‍රයේ පිටපතක් ගැනීමට අද රුපියල් කීපයක් වියදම් කිරීමෙන් පුළුවන..එහි මුල් චිත්‍රයේ අගය සංකල්පීය ලෙස එහි නැති බව ඇත්තකි...එහෙත් නුතන තාක්ෂණය මොනාලීසා පිටපත් කරය්

මේ නිසා නුතන ලෝකය තුළ ඩාවින්චිලාටත් සිත රිදවා ගැනීමට සිදුවීම නොවැලැක්විය හැකි කාරණයක් බවට පත්ව ඇත