Monday, September 16, 2013

ධර්මසිරි බණ්ඩාරනායකලා ඇත්තේ එක් අයෙකි

මගේ සින්දු  මතකය 1 

ගීතයක් අපේ සිතට එන්නේ බොහෝ ජීවිත මතකයන්ද ඒ හා සිතට කැදවමිනි ..වෙනත් කිසිදු කළා මාධ්‍යකට වඩා මෙම පුර්ව ඥානනීය අනුභූතිය (Pre cognitive  experience ) ගීතය හා බැදී පවතිනවා ..
එම අනුභූතිය පුද්ගලික විය හැකියි ..නැතොත් සමුහ හෝ සමාජ විය හැකියි

ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක් " චිත්‍රපටයේ එන ගීතද මගේ සිතට ගෙන එන්නේ 
එවැනි මතක කන්දරාවකි  ..
එය හැත්තෑවේ හා අසුව දශකයේ මුල අපේ තරුණ සිත් නැවත අවදි කිරීමක් ලෙස ද  දැනේ ..

"සදුන් සිහින මණ්ඩපයේ
ප්‍රාර්ථනා පියා සලයි "



"හංස විලක්"මුල්වරට තිරගත වුයේ 1980 .10.24 දිනය ..

හංස විලක් වූ කලී ලාංකීය තරුණ සිනමාවේ අපුර්ව වූ මතක සටහනකි ..

එවකට  මා සිටියේ මහනුවර ධර්මරාජේ ඉගැනුම ලබමින්ය ..Zoology ලැබ එකේ ගෙම්බෝ කපන අතරද සිනමාව හා මාක්ස්වාදය ගැනද ,ප්‍රේමය ගැනද බොහෝ දේ අප කතා කරන්නට පටන් ගත් මුල් යුගය එයයි ..යථාර්තවාදී සිනමාවක් වෙනුවෙන් පෙනී සිටි ,  ඒ වෙනුවෙන් බොහෝ දේ ලියු කියූ අපට ධර්මසිරිගේ චිත්‍රපටය ගෙන දුන්නේ ආහ්ලාදයකි..

ධර්මරාජයේ බිහි වූ සිනෙරු කලා සංසදය  අපේ සිනමා කතා වලට හා මතවාද වලට  
එවකට අපට වේදිකාවක් විය 







"හංස විලක්"චිත්‍රපටයට සාපේක්ෂව එම වකවානුවේම ධර්මසේන පතිරාජ ගේ "පාර දිගේ" හා පරාක්‍රම සිල්වාගේ "හෙවනැලි ඇද මිනිස්සු" ද තිරගත විය ..එවකට මගේ පන්ති සගයා වූ රුචින්ද්‍ර අබේතුංග සමග එක්ව මා විචාර නම් කලා විචාර පත්‍රිකාව පල කල කාලයයි ..එම පත්‍රිකාවට අප ලියු මෙම චිත්‍රපට තුන පිළිබද විචාරයේ හෙඩිම තාමත් සමහරෙක් මතක් කරයි ..

විවෘත විදුලි රැහැන් දෙකක් අතරින් මිදී සිංහල සිනමාව ගමනක් යයි 


මෙම චිත්‍රපටය හා හිතට එන මතක අතර ප්‍රේමසිරි කේමදාසගේ සංගීතය , සුනිලා අබේසේකර ,T .M .ජයරත්න හා නන්ද මාලිනීගේ හඬ මෙන්ම මේ පද රචනාද සදාතනිකය ..මෙයින් "හෙමින් සැරේ පියා විදා" ගීතය ලියුවේ ධර්මසේන පතිරාජ බව දනිමි ..

පති ලියා ඇති මෙම ගීතය ඇතුළු ගීත දෙක තුන අපේ ගීත සාහිත්‍යයට නැවුම්ය ..
ඔහේ ගීත දුසිම් ගානක් ලිවීමත් එක හොඳ ගීතයක් ලිවීමත් අතර වටින්නේ දෙවැන්නය 

.."හෙමින් සැරේ පියා විදා 
සිනිදු සයනේ සුමුදු ඇතිරිල්ලෙන් 
පලා ඇවිත් සිතුම් සියොතුන් .."



"හංස විලක් " රංග භූමිකාවන්ද සදාතනික මතක අතර තිබෙයි ..
ධර්මසිරි ,ස්වර්ණා ,වසන්ති හා හෙන්රි ජයසේන පමණක් නොව ජී .ඩබ් .සුරේන්ද්‍රද ඒ අතර වෙයි

මැතක ධර්මසිරි හා දොඩද්දී මා ඔහුගෙන් එක ඉල්ලීමක් කළෙමි ..එනම් තව එක් චිත්‍රපටයක හෝ රඟන ලෙසය .

.සිංහල සිනමාවේ බිහි වූ නළුවන් බොහෝය ඒත් ධර්මසිරි බණ්ඩාරනායකලා ඇත්තේ එක් අයෙකි..සිංහල සිනමාවේ අධ්‍යක්ෂකවරුන් අතරද එසේමය ..ධර්මසිරිගේ සිනමාව ඔහුටම ආවේනික ගුණයන්ගෙන් සපිරිය 



No comments:

Post a Comment