Monday, September 16, 2013

ධර්මසිරි බණ්ඩාරනායකලා ඇත්තේ එක් අයෙකි

මගේ සින්දු  මතකය 1 

ගීතයක් අපේ සිතට එන්නේ බොහෝ ජීවිත මතකයන්ද ඒ හා සිතට කැදවමිනි ..වෙනත් කිසිදු කළා මාධ්‍යකට වඩා මෙම පුර්ව ඥානනීය අනුභූතිය (Pre cognitive  experience ) ගීතය හා බැදී පවතිනවා ..
එම අනුභූතිය පුද්ගලික විය හැකියි ..නැතොත් සමුහ හෝ සමාජ විය හැකියි

ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක් " චිත්‍රපටයේ එන ගීතද මගේ සිතට ගෙන එන්නේ 
එවැනි මතක කන්දරාවකි  ..
එය හැත්තෑවේ හා අසුව දශකයේ මුල අපේ තරුණ සිත් නැවත අවදි කිරීමක් ලෙස ද  දැනේ ..

"සදුන් සිහින මණ්ඩපයේ
ප්‍රාර්ථනා පියා සලයි "



"හංස විලක්"මුල්වරට තිරගත වුයේ 1980 .10.24 දිනය ..

හංස විලක් වූ කලී ලාංකීය තරුණ සිනමාවේ අපුර්ව වූ මතක සටහනකි ..

එවකට  මා සිටියේ මහනුවර ධර්මරාජේ ඉගැනුම ලබමින්ය ..Zoology ලැබ එකේ ගෙම්බෝ කපන අතරද සිනමාව හා මාක්ස්වාදය ගැනද ,ප්‍රේමය ගැනද බොහෝ දේ අප කතා කරන්නට පටන් ගත් මුල් යුගය එයයි ..යථාර්තවාදී සිනමාවක් වෙනුවෙන් පෙනී සිටි ,  ඒ වෙනුවෙන් බොහෝ දේ ලියු කියූ අපට ධර්මසිරිගේ චිත්‍රපටය ගෙන දුන්නේ ආහ්ලාදයකි..

ධර්මරාජයේ බිහි වූ සිනෙරු කලා සංසදය  අපේ සිනමා කතා වලට හා මතවාද වලට  
එවකට අපට වේදිකාවක් විය 







"හංස විලක්"චිත්‍රපටයට සාපේක්ෂව එම වකවානුවේම ධර්මසේන පතිරාජ ගේ "පාර දිගේ" හා පරාක්‍රම සිල්වාගේ "හෙවනැලි ඇද මිනිස්සු" ද තිරගත විය ..එවකට මගේ පන්ති සගයා වූ රුචින්ද්‍ර අබේතුංග සමග එක්ව මා විචාර නම් කලා විචාර පත්‍රිකාව පල කල කාලයයි ..එම පත්‍රිකාවට අප ලියු මෙම චිත්‍රපට තුන පිළිබද විචාරයේ හෙඩිම තාමත් සමහරෙක් මතක් කරයි ..

විවෘත විදුලි රැහැන් දෙකක් අතරින් මිදී සිංහල සිනමාව ගමනක් යයි 


මෙම චිත්‍රපටය හා හිතට එන මතක අතර ප්‍රේමසිරි කේමදාසගේ සංගීතය , සුනිලා අබේසේකර ,T .M .ජයරත්න හා නන්ද මාලිනීගේ හඬ මෙන්ම මේ පද රචනාද සදාතනිකය ..මෙයින් "හෙමින් සැරේ පියා විදා" ගීතය ලියුවේ ධර්මසේන පතිරාජ බව දනිමි ..

පති ලියා ඇති මෙම ගීතය ඇතුළු ගීත දෙක තුන අපේ ගීත සාහිත්‍යයට නැවුම්ය ..
ඔහේ ගීත දුසිම් ගානක් ලිවීමත් එක හොඳ ගීතයක් ලිවීමත් අතර වටින්නේ දෙවැන්නය 

.."හෙමින් සැරේ පියා විදා 
සිනිදු සයනේ සුමුදු ඇතිරිල්ලෙන් 
පලා ඇවිත් සිතුම් සියොතුන් .."



"හංස විලක් " රංග භූමිකාවන්ද සදාතනික මතක අතර තිබෙයි ..
ධර්මසිරි ,ස්වර්ණා ,වසන්ති හා හෙන්රි ජයසේන පමණක් නොව ජී .ඩබ් .සුරේන්ද්‍රද ඒ අතර වෙයි

මැතක ධර්මසිරි හා දොඩද්දී මා ඔහුගෙන් එක ඉල්ලීමක් කළෙමි ..එනම් තව එක් චිත්‍රපටයක හෝ රඟන ලෙසය .

.සිංහල සිනමාවේ බිහි වූ නළුවන් බොහෝය ඒත් ධර්මසිරි බණ්ඩාරනායකලා ඇත්තේ එක් අයෙකි..සිංහල සිනමාවේ අධ්‍යක්ෂකවරුන් අතරද එසේමය ..ධර්මසිරිගේ සිනමාව ඔහුටම ආවේනික ගුණයන්ගෙන් සපිරිය 



Friday, September 13, 2013

සාමා අමර එන්න මල් පිපීලාද බලන්න,CHE ගේ සුරුට්ටුව සහ stand by me

                
සාමා අමර එන්න  මල් පිපීලාද බලන්න


FACE BOOK  එකේ දුටුවා මේ කවිය

                …..නවනාදන් පිල්ලේ නෝනා
                ගෙදර යන ගමන්
                සිරියාවේ මල් පිපීලාද බලන්න….

මෙ කවිය ලියු කෙනාගේ නම මතක නොතිබීම කනගාටුවක් ...!
මේ කවිය තුළ අපුර්ව political වියමනක් තියෙනවා 

                සාමා අමර එන්න
                මල් පිපීලාද බලන්න


2
CHE ගේ සුරුට්ටුව 



Aleida Guevra කියන්නේ චේ ගේ දියණියයි ..ඇය වරක් මෙසේ කියා තිබෙනවා "...මගේ පියා හොඳට දැන  හිටියා ආදරේ කරන හැටි ..and that was the most beautiful feature of him – his capacity to love...නියම විප්ලවවාදියෙක් වෙන්න නම් මට හිතෙන්නේ ඒ කෙනා romantic කෙනෙක් වෙන්න ඕනේ මගේ පියා වගේ ...මගේ පියා කැප වුනේ අනෙක් අයගේ උවමනාවන් වෙනුවෙන් ....අපට ඔහුව අනුගමනය කල හැකි නම් ලෝකය මීට වඩා සුන්දර ස්ථානයක් වෙවී .."



පහත පළවන ඡායාරුපයේ සිටින්නේ දෙහැවරදි  Alieda ,Che හා Fidel Castro ය ...මෙය දුම්වැටි විරෝධීන්ගේ බලවත් විරෝධයට හේතු විය හැකි ඡායාරුපයක් විය හැකියි .එහෙත් එක දෙයක් අපට මතක තියාගන්න වෙනවා ...che ගේ සුරුට්ටුව යනු  ඔහුගේ චරිතයේම කොටසකි ..!



පිදෙල් කස්ත්‍රෝ වරක් මෙසේ කියා ඇත .."ඉතිහාසය නිර්මාණය  කරන්න මිනිසුන් දායක වෙනවා ..ඒ අතරම ඉතිහාසය විසින්ද මිනිසුන් නිර්මාණය කරනු ලබනවා "



චේගුවේරා වූ කලි ඉතිහාසය නිර්මාණය කරන්න පෙරමුණගත් මිනිසෙක් වගේම ඉතිහාසය විසින් නැවත නැවතත් ප්‍රතිනිර්මාණය කල විප්ලවවාදියෙක් ..මානව හිතවාදියෙක් ..ප්‍රති වීරයෙක්..නුතන මිනිසෙක් 


3
STAND BY ME

"Stand by me "  නම් බටහිර ගීතය මුලින්ම ගායනා  කලේ Ben E. King විසින් .


පහත ඇත්තේ එහි නව  version එකක් ..එහි දැනවෙන බහු අර්ථ බොහෝයි 




මෙම ගීතයේ පද රචනය දෙස බලද්දී එය ප්‍රේම ගීතයක් බව පැහැදිලියි ..එහෙත් ඒ තුළ මානව හිතවාදී ගුණයක් ද පවතිනවා ..මෙහි ඇති Darling (වස්තුව )යන පදයට Comrade (සහෝදරයා හෝ සහෝදරිය ) යන්න යොදා බලන්න ( ඒ කෙසේ වෙතත් darling යන ඉංග්‍රීසි වචනයට ඇති වස්තුව යන සිංහල වචනය අමු 
වැඩි යෑයි මට හිතෙනවා.ඊටත් වඩා හැඟුම් විරහිත Comrade යන්න සහෝදරයා ලෙස සිංහලයට ඒම..මෙරට  මාක්ස්වාදී ව්‍යාපාරය කෙතරම් නුතන මුහුණුවර අත් කරගත්තද Comrade තාම පරණ සහෝදරයාමය !!!)

 When the night has come and the land is dark And the moon is the only light we see
 No, I won't be afraid, oh, I won't be afraid Just as long as you stand, stand by me

So darling, darling, stand by me, oh, stand by me Oh, stand, stand by me, stand by me

If the sky that we look upon should tumble and fall Or the mountain should crumble to the sea I won't cry, I won't cry, no, I won't shed a tear Just as long as you stand, stand by me

And darling, darling, stand by me Darling, darling, stand by me Whenever you're in trouble Won't you stand by me, oh, stand by me

------------

12 October 2013) - I wish to add few more versions of stand by me which has its own colors.


This version of "Stand by me " is by great Jhon lenon of Beatles



The second version is by Elvis



Monday, September 9, 2013

සුනිලාට හිමි අපුර්ව කටහඩක් විය.එම හඬ අපගේ මතකයට හා ජීවිතයට බොහෝ කිට්ටුය


සුනිලා අබේසේකර මිය ගොස්ය ..එසේ ඇය  මිය ගොස් සිටින්නේ අපුර්ව ගැහැණියක් පිලිබඳ නොමියන මතකයක් සමාජ සංස්කෘතියට එක් කරමින් යෑයි  මට සිතේ ..





මෙයට ටික කලකට  පෙර මා  ඇලුම් කරන හා ගරු කරණ ගැහැණුන් කීප දෙනෙක් පිලිබඳ DOCUMENTRY පෙළක් කරන ලෙස යෝජනාවක් මතු විය ..මගේ හිතට ඒ වෙලාවේ  ආ නම් අතර සුනිලා අබේසේකර මුලින්ම විය ..ඒ යෝජනාව  ක්‍රියාත්මක නොවීම පිළිබඳ මා වඩාත්ම දුක් වන්නේ දැන්ය ..

සුනිලා මිය යන ලෝකයේ ඇය වඩාත් අවධානයට හා ඇගයීමට ලක්ව සිටියේ මානව හිමිකම් හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින කාන්තා නායිකාවක් ලෙසිනි ..ජාත්‍යන්තරවද ඇය එම භූමිකාව තුළ සුවිශේෂී වන්නීය ..එහෙත් මගේ කල්පනය තුල  ඇය වීරවරියක් හා ප්‍රති වීරවරියක් වන්නේ සංස්කෘතික හා කලා ලෝකය තුල සුනිලාගේ භූමිකාව තුලය ..ඇගේ සමාජ දේශපාලනය හා එකගත්වයක් මට නොවන්නේ එයට වඩා වෙනත් මතවාදයක මා  සිටින නිසා විය යුතුය ..පෙර සඳහන් කළ documentriya කිරීමට යම් හෙයකින් මට ලැබුනද ඇගේ සමාජ දේශපාලනික භූමිකාව සම්පුර්ණයෙන් අතහැර එය මා  කරනු නිසැකය ..එය සුනිලාට කරන අසාධාරණයක් යැයි මට නොසිතේ ...

සුනිලා මෙරට කලා සංස්කෘතික ලෝකයට පිවිසෙන්නේ විකල්ප සිංහල සිනමාවත් සමගය ..ධර්මසේන පතිරාජගේ සිනමා කෘති බොහොමයක් ආශ්‍රයේ සුනිලා වැඩ කළාය .. එමෙන්ම සිනමාව හා කලාව ආශ්‍රයේ එවකට වූ සමාජ දේශපාලන කතිකාවන් තුළද ඇය සිටියාය ...

සුනිලා වූ කලී  මෙරට කලාව හා සංස්කෘතික ලෝකය තුල මුලින්ම බිහි වූ විකල්ප කාන්තාවන් අතර පෙරමුණ ගන්නියකි

සුනිලාට හිමි අපුර්ව කටහඩක් විය..එම කටහඩ හිමි ඇයට පමණය...එම හඬ අපගේ මතකයට හා ජීවිතයට බොහෝ කිට්ටුය