Sunday, August 31, 2014

උමාරියා ,හන්තානේ සිහිනේ ,තාරකා සහ ගැහැණු ළමයි


උමාරියා අමරදේවයන් සමග ගයන ලද "හන්තාන සිහිනේ "ගීතය 
මට අසන්නට ලැබුනේ මෑතකය ..
යම් ගීතයක් ඇසු මුල්වරම සිත පැහැර ගන්නේ කලාතුරකිනි 
..මෙය එසේ මා හිත වශී කල ගීතයක් විය ..




මෙම ගීතය මා මුල්වරට අසා සතියකට පමණ පස්සේ උමාරියා "සිරස ඩාන්සින් ස්ටාර් 'වැඩසටහනට සහභාගී වූ අතර එහිදී ගයන්නට ඇයට තෝරා දුන්නේද එම ගීතයයි






මෙහි පද රචනය කොට ඇත්තේ ජනක සිරිවර්ධන විසින් වන අතර සංගීත නිර්මාණය අරුණ ගුණවර්ධන ගේ ය ..පද රචකයෙක් සහ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් ගීතයක හැඩය ,අර්ථය ,අපුරත්වය කෙරිහි කෙතරම් ප්‍රබල "ස්වර සප්තකයක් "වන්නේද යන්න පිලිබදව කල්පනා කර බලන්නට මෙම ගීතයත් හොද අවස්ථාවක් සපයනවා ..අනෙක ජීවිතය ගැන ගොතන්නට සරළ පද හා නාද රටාවන්ටත් හැකියාව තියෙනවා නොවේද ..


උමාරියා මෙරට බිහි වූ ගායිකාවන් අතරින් පුළුල්ම පරාසයක තම හඩ හා උච්චාරණය හැසිරවිය හැකි ගායිකාවන් අතලොස්ස අතර ඉදිරියෙන්ම සිටින බව මෙම ගීතයද ඔප්පු කරනවා ..බටහිර ගායනයේ ඉහලම නාද රටාවන් තම හඩේ  tune කර ඇති ඇය මේ tune කරන්නේ සිංහල හඩේ ඉහලම ස්ථානයන් නොවන්නේද




උමාරියා ගයන මෙම ගීතයේ ඇගේ සිංහල ගායන පරාසය සමග මගේ හිත වසර කීපයක් ඇතට දිව ගියේ මං තිර රචනය ලියා අධ්‍යක්ෂණය කල "ගැහැණු ළමයි "ටෙලි නාට්‍යයේ උමාරියා ගැයූ  තේමා ගීතයටයි (මෙම ටෙළි නාට්‍යයට මගේ සම්බන්දකම් මුල් episode හැටට පමණයි .)






"හිරු ගේ රැස් හොරෙන් ගෙනල්ලා " නම් ගැහැණු ළමයි ටෙලි නාට්‍යයේ තේමා ගීතය මං එම ටෙලිනාට්‍යයට දක්වන ලද සම්බන්ධතාවයට බැහැරින් කල්පනා කරද්දී මට හිතෙන්නේ මෙරට ටෙලිනාට්‍යය තේමා ගී අතර විශිෂ්ටතම නිර්මාණයක් බවයි .මෙහි උමරියාගේ හඩ   සිංහල ස්වරයේ නව වර්ණ මතු කරන අතරම අසේල බණ්ඩාර ගේ සංගීත නිර්මාණය හා ඔහු උමාරියාගේ හඩ හසුරුවා ඇති අන්දමද අපුරුය ..ඒ හැම අතර මෙහි තාරකා වාසලමුදලි ගේ පද රචනය මා සිත් තුළ හැමදාමත්  රැව් දේ..


"ගැහැණු ළමයි "ටෙලි නාට්‍යට ප්‍රථම සිරස TV විකාශය වූ "කාව්‍යා " සහ "කිදුරන්ගනා " ටෙලි නාට්‍ය දෙකේම තේමා ගීත ලියු මම ,මං නිර්මාණය කල ටෙලියේ තේමා ගීතය ලියන්නට තවත් කෙනෙක්ට ඇරයුම් කිරීමත් සුවිශේෂී වෙයි ..තාරකා මෙම ගීතයට මටද වඩා සාධාරණයක් ඉෂ්ට කරන බව මම විශ්වාස කල අතර එය එසේම සිදුවිය ..මතකයේ රැදෙන්නට ගීත දහසක් ලිවීම අවශ්‍ය නොවේ