Saturday, May 31, 2014

ප්‍රේමය සිරියස්ද නැත්නම් බොලදද කියා තවම කිසිවෙක් සොයාගෙන නැත

ප්‍රේමය පිළිබද මගේ සිනමා සිතේ රැදුණු චිත්‍රපට බොහෝය ..
ඒ අතරින් "ගොළු හදවත "තවමත් යොවුන් ප්‍රේමයේ චමත්කාරය මවයි .
එවන් වූ ලාංකික හා විදේශ සිනමා කෘති දහසක් පරිශීලනය කර ඇතත් "ගොළු හදවත "තවමත් මොකද්දෝ දෙයක්  හිතේ ඇති කරයි ..
එය අපගේ පාසැල් වියේ ප්‍රේමය සිහියට නගයි .
දම්මි වූ අනුලා කරුණාතිලක දම්මි  අභිබවා එවකට අපට ආදරේ හිතුනු ගැහැණු ළමයි සිහිකරයි .
එසේ සිහිවීම කිසිසේත් බොලද කමක් විය නොහැක .\මිනිසුන් හා ගැහැණුන් වර්ෂ වලින් වයසට ගියත් මතකයෙන් වයසට නොයයි





 ප්‍රේමය පිළිබද මගේ සිනමා සිතේ රැදුණු දෙවන චිත්‍රපටය වන්නේ
 Krzysztof Kieslowski ගේ  "A short film about love"ය



A short   film about love චිත්‍රපටය ගැහැණිය හා මිනිසා නම් ප්‍රේමවන්තයන් අත්  විදිනා
 ප්‍රේමයේ තවත් අපුර්ව අත්දැකීමක් ප්‍රති නිර්මාණය කරයි

අප සිනමාව හැදෑරු මුල් යුගයේ අපගේ අවධානයට ලක් වූ සීරියස් පෝලන්ත සිනමාකරුවෙක් වූ  කිසලොව්ස්කි අතින් ලිය වූ අපුර්වම සරළ පෙම් කවිය "A short film about love " ය

(QUOTE)...Krzysztof Kieślowski (Polish pronunciation: [ˈkʂɨʂtɔf kʲɛˈɕlɔfskʲi] ( ); 27 June 1941 – 13 March 1996) was an influential Polish film director and screenwriter known internationally for The Decalogue (1989), The Double Life of Véronique (1991), and The Three Colors Trilogy (1993–1994).[1][2] Kieślowski received numerous awards throughout his career, including the Cannes Film Festival Jury Prize (1988), FIPRESCI Prize (1988, 1991), and Prize of the Ecumenical Jury (1991); the Venice Film Festival FIPRESCI Prize (1989),Golden Lion (1993), and OCIC Award (1993); and the Berlin International Film Festival Silver Bear (1994). In 1995 he receivedAcademy Award nominations for Best Director and Best Writing.[3] In 2002 Kieślowski was listed at number two on the British Film Institute's Sight & Sound Top Ten Directors list of modern times.[4]


වයස 19 ක තරුණ තැපැල් කරුවෙක් ( Tomek)අසල තට්ටු නිවාසයේ වාසය කරන වයස්ගත කාන්තාවක් (Magda)කෙරෙහි ඇති කරගන්නාවූ ෆැන්ටසියක් කේන්ද්‍ර කර ගන්නා මෙම චිත්‍රපටය සිනමා ඉතිහාසයේ ප්‍රේමයේ මානුසික පැත්ත පිළිබද ගෙතුණු අපුර්වතම වියමනකි



ප්‍රේමය පිළිබද මගේ සිනමා සිතේ රැදුණු චිත්‍රපට තුන්වන  වියමන විජය ධර්මශ්‍රී ගේ "දුහුළු මලක් "සහ ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක් ය.
ඒවා  ප්‍රේමයේ තවත් ඉසව්වක් පිළිබද ලියවුනු විකල්ප කවිය
අසම්මත ආදරයේ මානුෂික අත්විදීම් මේ චිත්‍රපට දෙකටම වස්තු විෂය වෙයි











දුහුළු මලක් හි නිලුපා හා රොහාන්ද ,හංස විලක් හි මිරැන්ඩා හා නිශ්ශංක ද ප්‍රේමයේ තවත් පෙම්වතුන් ගෝත්‍රයක් නියෝජනය කරයි

 සුගත් හා දම්මිලාද ,ටොමෙක් හා මග්දලාද ,නිලූපලා හා රෝහාන්ලාද ,නිශ්ශංක හා මිරැන්ඩලාද සදාකාලික චරිතයෝය  .මක් නිසාද යත් ප්‍රේමය නියෝජනය කල සියලු චරිතයන් සදාකාලික වන නිසාය .
ලෝකය පවතින්නේ ප්‍රේමය නිසාමය
එය සිරියස්ද නැත්නම් බොලදද කියා තවම කිසිවෙක් සොයාගෙන නැත



Saturday, May 17, 2014

ජනප්‍රිය සංස්කෘතියේ JIM REEVES

ජනප්‍රිය සංස්කෘතියේ බටහිර මුල් සොයා යාමේදී එහි කියවිය යුතු එක් වැදගත් වියමනක් (text) වන්නේ ජිම් රීව්ස්ය ..එක් අතකට Jim ජනප්‍රිය ප්‍රවාහයේ සංකේතයක් පමණක්ම නොවේ .බටහිර අධිපති මතවාදයේද එවකට ඔහු Anti hero කෙනෙක් ලෙස ආදරයට ලක් විය ..

ලෝක සංස්කෘතික ඉතිහාසය තුළ පුර්ව නුතන යුගයේ වඩාත් ගැහැණුන් ගේ ආදරයට හා ෆැන්ටසියට ලක් වූ පිරිමින් දෙදෙනෙක් වේද ඒ  Jim Reeves හා Elvis Presley විය යුතුය .


Jim Reeves




                                                            Elvis Presley

(Quote Wikipedia)...Jim Reeves was born in Galloway, Texas, a small rural community near Carthage. Winning an athletic scholarship to the University of Texas, he enrolled to study speech and drama, but quit after only six weeks to work in the shipyards in Houston. Soon he resumed baseball, playing in the semi-professional leagues before contracting with the St. Louis Cardinals "farm" team during 1944 as a right-handed pitcher. He played for the minor leagues for three years before severing his sciatic nerve while pitching, which ended his athletic career

Reeves began to work as a radio announcer, and sang live between songs. During the late 1940s, he was contracted with a couple of small Texas-based recording companies, but without success. Influenced by such Western swing-music artists as Jimmie Rodgers and Moon Mullican, as well as popular singers Bing Crosby, Eddy Arnold and Frank Sinatra, it was not long before he was a member of Moon Mullican's band, and made some early Mullican-style recordings like "Each Beat of my Heart" and "My Heart's Like a Welcome Mat" from the late 1940s to the early 1950s.




(Quote )..Reeves' first successful country music songs included "I Love You" (a duet with Ginny Wright), "Mexican Joe", and "Bimbo" which reached Number 1 in 1954 on the U.S. Country Charts, and other songs with both Fabor Records and Abbott Records. Abbott released his first album in November 1955, Jim Reeves Sings (Abbott 5001), which was the label's only album release. Earlier in 1955, he was signed to a 10-year recording contract with RCA Victor by Steve Sholes, who produced some of Reeves' first recordings at RCA and signed Elvis Presley for the company that same year. Also in 1955, he joined the Grand Ole Opry[2] and made his first appearance on ABC-TV's Ozark Jubilee, where he was a fill-in host from May–July 1958.




Jim Reeves බටහිර ජනප්‍රිය සංස්කෘතියේ පුර්ව නුතන සංස්කෘතික යුගයේ ප්‍රති වීරයා වීමට බලපෑම් කල Socio cultural signs මොනවාද .අනිවාර්යයෙන් ඉන් එකක් වන්නේ සංස්කෘතික වාහකයෙක් ලෙස "Jim Reeves" නම් මිනිසා තුළ තිබු පෞර්ශවයයි .ඔහුගේ හඬේ ද එම පෞර්ශවය ගැබ් වෙයි .




කලාවේ පමණක් නොව දේශපාලනයේද සමාජ සංස්කෘතික වාහකයන් වීමටද මෙම "සමාජ සංස්කෘතික පෞර්ශවය" අවශ්‍ය වෙයි .එම අර්ථයෙන් ජනප්‍රිය සංස්කෘතිය තුල Jim  කියවිය යුත්තේ මානව හිතවාදයේ හා විකල්ප දේශපාලනයේ Che Guevara ව කියවන අර්ථයෙනි  . Che Guevara ගේ සමාජ දේශපාලනික පෞර්ශවය සදාකාලිකය




ජිම් සදාකාලික  සමාජ සංස්කෘතික sign  එකක් වන්නට හේතු දෙවන කාරණය වන්නේ
  ඔහුගේ හඬේ පවතින "පිරිමි 'ස්වරයයි .
එය අපේ සමාජයේ ජෝතිපාල හෝ  විජය කුමාරතුංග සමාජ සංස්කෘතික  අර්ථයෙන් විමසීමකි
 (මගේ මෙම සංස්කෘතික ,සමාජ වියමන පුරුෂ  දෘෂ්ටියකින් අර්ථ නිරුපනය නොවටී .
පුරුෂයන් ලෝකයේ සුවිශේෂ සත්ව ගෝත්‍රයක් නොවේ )







Jim Reeves පිළිබද මගේ කතිකාව ජෝතිපාල හා  විජය  දක්වා ගෙතීම එම ගෙතිමේම එක් අවශ්‍ය ගෙතීමක් ලෙස මට පෙනෙන දැනෙන දෙයක් මිස වෙනත් අර්ථයක් නොවේ .

මම දැන් ජිම් වෙත යා යුතුව තිබේ .මා සිංහලෙන් කතා කල දේ පිළිබඳ මේ ජිම් ගේ ඉංගිරීසි අර්ථ නිරුපණයයි .




  

මට ජිම් තව අර්ථයකින් දැනෙන්නේ ලාංකීය සංගීතයේ ජෝතිපාල හා අමරදේව අතරය. අමරදේව කෙතරම් ලාංකීය ගීතයේ සම්භාව්‍ය ගායකයා ලෙස වන අර්ථ නිරුපනය තුළ වුව ප්‍රේමය ගැන ඔහු ගැයූ ගී ප්‍රමාණය Jim Reeves අභිභවා සිටී ,ප්‍රශ්ණය ඇත්තේ අපේ සම්භාව්‍ය ජනප්‍රිය මෝඩ කලා විචාරයේය




Jim හැදුන් වුයේ Gentlemen Jim යනුවෙනු .ඔහුගේ සදාකාලික ජනප්‍රියත්වයද රැදුනේ එතැනය .ප්‍රේමය ,එහි ප්‍රේමනීය බව පිළිබද සදාකාලිකව ගැයූ Jim Reeves හා ආදරය වෙනුවෙන්  පෙනී සිටින මිනිසුන් හා මානව හිතවාදීන් කෙරෙහිද මා තුළ ඇත්තේ ආදරයකි ..Jim Reeves ගැයූ දහසක් ගී අතර මා ප්‍රිය කරන එක් ගීතයක් වන එය මේ ආදරය වෙනුවෙනි


 

"Have I Told You Lately"
Have I told you lately that I love you
Have I told you there's no one else above you
Fill my heart with gladness
take away all my sadness
ease my troubles that's what you do

For the morning sun in all it's glory
greets the day with hope and comfort too
You fill my life with laughter
and somehow you make it better
ease my troubles that's what you do
There's a love that's divine
and it's yours and it's mine like the sun
And at the end of the day
we should give thanks and pray
to the one, to the one

Have I told you lately that I love you
Have I told you there's no one else above you
Fill my heart with gladness
take away all my sadness
ease my troubles that's what you do

There's a love that's divine
and it's yours and it's mine like the sun
And at the end of the day
we should give thanks and pray
to the one, to the one

And have I told you lately that I love you
Have I told you there's no one else above you
You fill my heart with gladness
take away my sadness
ease my troubles that's what you do
Take away all my sadness
fill my life with gladness
ease my troubles that's what you do
Take away all my sadness
fill my life with gladness
ease my troubles that's what you do


ලෝකය ආදරය හා පවතින තුරු එය සුරක්ෂිතය .
පුද්ගලිකවද සමාජ දේශපාලනික අර්ථයෙන්මද එය එසේමය .
පෙම් ගී වල සමාජ දේශපාලනික ප්‍රති නිර්මාණ අර්ථයද බොහෝ විට ඒ ආකාර ගනී .එයට භාෂාවක් නැත ,



Friday, May 9, 2014

ගොළු හදවත පිළිබද මතකයන් බොහෝය


ගොළු හදවත පිළිබද මතකයන් බොහෝය .
එක් classical යුගයක බොළද පෙම්වතුන් වූ සුගත් හා දම්මි
 අතීත ආවර්ජනය තුළ සිටින්නේ කොහි දැයි සොයා බැලීම වටී .
එයට බුද්ධිමත් හෝ බොළඳ බවක් පවතීද ?කාලයක් ,දේශයක් ,කුලයක් ,මවක් පවතීද ?




ආදරය පිළිබදව වූ ෆැන්ටසියන් සදාකාලිකය .ඒවායේ හඩ හා ස්වරයද එසේමය .




කාල් මාක්ස් දාස් කැපිටෝලයෙන් ආදරය නොකළ අතර ඩාවින් ප්‍රේම කළේ පරිනාමවාදයේ මුලධර්ම ආශ්‍රයෙන් විය නොහැක .
අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය සොයා ගත්තේ ප්‍රේම කිරීමට බැහැරවය