Saturday, May 31, 2014

ප්‍රේමය සිරියස්ද නැත්නම් බොලදද කියා තවම කිසිවෙක් සොයාගෙන නැත

ප්‍රේමය පිළිබද මගේ සිනමා සිතේ රැදුණු චිත්‍රපට බොහෝය ..
ඒ අතරින් "ගොළු හදවත "තවමත් යොවුන් ප්‍රේමයේ චමත්කාරය මවයි .
එවන් වූ ලාංකික හා විදේශ සිනමා කෘති දහසක් පරිශීලනය කර ඇතත් "ගොළු හදවත "තවමත් මොකද්දෝ දෙයක්  හිතේ ඇති කරයි ..
එය අපගේ පාසැල් වියේ ප්‍රේමය සිහියට නගයි .
දම්මි වූ අනුලා කරුණාතිලක දම්මි  අභිබවා එවකට අපට ආදරේ හිතුනු ගැහැණු ළමයි සිහිකරයි .
එසේ සිහිවීම කිසිසේත් බොලද කමක් විය නොහැක .\මිනිසුන් හා ගැහැණුන් වර්ෂ වලින් වයසට ගියත් මතකයෙන් වයසට නොයයි





 ප්‍රේමය පිළිබද මගේ සිනමා සිතේ රැදුණු දෙවන චිත්‍රපටය වන්නේ
 Krzysztof Kieslowski ගේ  "A short film about love"ය



A short   film about love චිත්‍රපටය ගැහැණිය හා මිනිසා නම් ප්‍රේමවන්තයන් අත්  විදිනා
 ප්‍රේමයේ තවත් අපුර්ව අත්දැකීමක් ප්‍රති නිර්මාණය කරයි

අප සිනමාව හැදෑරු මුල් යුගයේ අපගේ අවධානයට ලක් වූ සීරියස් පෝලන්ත සිනමාකරුවෙක් වූ  කිසලොව්ස්කි අතින් ලිය වූ අපුර්වම සරළ පෙම් කවිය "A short film about love " ය

(QUOTE)...Krzysztof Kieślowski (Polish pronunciation: [ˈkʂɨʂtɔf kʲɛˈɕlɔfskʲi] ( ); 27 June 1941 – 13 March 1996) was an influential Polish film director and screenwriter known internationally for The Decalogue (1989), The Double Life of Véronique (1991), and The Three Colors Trilogy (1993–1994).[1][2] Kieślowski received numerous awards throughout his career, including the Cannes Film Festival Jury Prize (1988), FIPRESCI Prize (1988, 1991), and Prize of the Ecumenical Jury (1991); the Venice Film Festival FIPRESCI Prize (1989),Golden Lion (1993), and OCIC Award (1993); and the Berlin International Film Festival Silver Bear (1994). In 1995 he receivedAcademy Award nominations for Best Director and Best Writing.[3] In 2002 Kieślowski was listed at number two on the British Film Institute's Sight & Sound Top Ten Directors list of modern times.[4]


වයස 19 ක තරුණ තැපැල් කරුවෙක් ( Tomek)අසල තට්ටු නිවාසයේ වාසය කරන වයස්ගත කාන්තාවක් (Magda)කෙරෙහි ඇති කරගන්නාවූ ෆැන්ටසියක් කේන්ද්‍ර කර ගන්නා මෙම චිත්‍රපටය සිනමා ඉතිහාසයේ ප්‍රේමයේ මානුසික පැත්ත පිළිබද ගෙතුණු අපුර්වතම වියමනකි



ප්‍රේමය පිළිබද මගේ සිනමා සිතේ රැදුණු චිත්‍රපට තුන්වන  වියමන විජය ධර්මශ්‍රී ගේ "දුහුළු මලක් "සහ ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක් ය.
ඒවා  ප්‍රේමයේ තවත් ඉසව්වක් පිළිබද ලියවුනු විකල්ප කවිය
අසම්මත ආදරයේ මානුෂික අත්විදීම් මේ චිත්‍රපට දෙකටම වස්තු විෂය වෙයි











දුහුළු මලක් හි නිලුපා හා රොහාන්ද ,හංස විලක් හි මිරැන්ඩා හා නිශ්ශංක ද ප්‍රේමයේ තවත් පෙම්වතුන් ගෝත්‍රයක් නියෝජනය කරයි

 සුගත් හා දම්මිලාද ,ටොමෙක් හා මග්දලාද ,නිලූපලා හා රෝහාන්ලාද ,නිශ්ශංක හා මිරැන්ඩලාද සදාකාලික චරිතයෝය  .මක් නිසාද යත් ප්‍රේමය නියෝජනය කල සියලු චරිතයන් සදාකාලික වන නිසාය .
ලෝකය පවතින්නේ ප්‍රේමය නිසාමය
එය සිරියස්ද නැත්නම් බොලදද කියා තවම කිසිවෙක් සොයාගෙන නැත



No comments:

Post a Comment