Monday, September 9, 2013

සුනිලාට හිමි අපුර්ව කටහඩක් විය.එම හඬ අපගේ මතකයට හා ජීවිතයට බොහෝ කිට්ටුය


සුනිලා අබේසේකර මිය ගොස්ය ..එසේ ඇය  මිය ගොස් සිටින්නේ අපුර්ව ගැහැණියක් පිලිබඳ නොමියන මතකයක් සමාජ සංස්කෘතියට එක් කරමින් යෑයි  මට සිතේ ..





මෙයට ටික කලකට  පෙර මා  ඇලුම් කරන හා ගරු කරණ ගැහැණුන් කීප දෙනෙක් පිලිබඳ DOCUMENTRY පෙළක් කරන ලෙස යෝජනාවක් මතු විය ..මගේ හිතට ඒ වෙලාවේ  ආ නම් අතර සුනිලා අබේසේකර මුලින්ම විය ..ඒ යෝජනාව  ක්‍රියාත්මක නොවීම පිළිබඳ මා වඩාත්ම දුක් වන්නේ දැන්ය ..

සුනිලා මිය යන ලෝකයේ ඇය වඩාත් අවධානයට හා ඇගයීමට ලක්ව සිටියේ මානව හිමිකම් හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින කාන්තා නායිකාවක් ලෙසිනි ..ජාත්‍යන්තරවද ඇය එම භූමිකාව තුළ සුවිශේෂී වන්නීය ..එහෙත් මගේ කල්පනය තුල  ඇය වීරවරියක් හා ප්‍රති වීරවරියක් වන්නේ සංස්කෘතික හා කලා ලෝකය තුල සුනිලාගේ භූමිකාව තුලය ..ඇගේ සමාජ දේශපාලනය හා එකගත්වයක් මට නොවන්නේ එයට වඩා වෙනත් මතවාදයක මා  සිටින නිසා විය යුතුය ..පෙර සඳහන් කළ documentriya කිරීමට යම් හෙයකින් මට ලැබුනද ඇගේ සමාජ දේශපාලනික භූමිකාව සම්පුර්ණයෙන් අතහැර එය මා  කරනු නිසැකය ..එය සුනිලාට කරන අසාධාරණයක් යැයි මට නොසිතේ ...

සුනිලා මෙරට කලා සංස්කෘතික ලෝකයට පිවිසෙන්නේ විකල්ප සිංහල සිනමාවත් සමගය ..ධර්මසේන පතිරාජගේ සිනමා කෘති බොහොමයක් ආශ්‍රයේ සුනිලා වැඩ කළාය .. එමෙන්ම සිනමාව හා කලාව ආශ්‍රයේ එවකට වූ සමාජ දේශපාලන කතිකාවන් තුළද ඇය සිටියාය ...

සුනිලා වූ කලී  මෙරට කලාව හා සංස්කෘතික ලෝකය තුල මුලින්ම බිහි වූ විකල්ප කාන්තාවන් අතර පෙරමුණ ගන්නියකි

සුනිලාට හිමි අපුර්ව කටහඩක් විය..එම කටහඩ හිමි ඇයට පමණය...එම හඬ අපගේ මතකයට හා ජීවිතයට බොහෝ කිට්ටුය





                                         

No comments:

Post a Comment