Sunday, September 28, 2014

"වසන්තේ දවසක් "සිංහල නිසා මාර්ක්ස්ට ,ලෙනින්ට හෝ චෙට නොතේරේවීද



ලාංකීය සිනමා ජනප්‍රිය සිනමා කතිකාවේ අපේ සිත් සිත් රැදී එක් චිත්‍රපටයක් වන්නේ 'වසන්තේ දවසක් "ය


"වසන්තේ දවසක් " තිරගත වුයේ සිනමාව පිළිබඳ උන්මාදයෙන් අප පෙළුණු හැත්තෑව දශකයේ අග භාගයේ වන අතර 
එවකට අප දේශපාලනිකව "දාස් කැපිටෝලයද "සිනමාව අතින් ගොඩාර්ඩ් හෝ 
ප්‍රන්ස සිනමාව හා ධර්මසේන පතිරාජ කියවමින් සිටි කාලයයි ..






                             


එවන් අපට "වසන්තේ දවසක් "තාමත් මතක හිටින්නේ ඇයි



වසන්තේ දවසක් තිරගත වුයේ 1979 දීය ..
T .අර්ජුන විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය 
political වූ අපේ හදවත් තුළ මෙතරම් romantic වුයේ කෙසේද

මෙම චිත්‍රපටයේ පෙම්වතුන් වූ රවින්ද්‍ර රන්දෙනිය හා මාලිනී ෆොන්සේකා 
,ප්‍රේමනීය සිනමා ෆැන්ටසියේ ස්වර සප්තකය 
රංගනයෙන් ප්‍රතිනිර්මාණය කරන්න සමත් වීම ඉන් එක් කාරණයකි ..




දෙවැන්න මෙහි සංගීත නිර්මාණය කළ ප්‍රේමසිරි කේමදාස
 අප ප්‍රේමනීය ෆැන්ටසියේ නාද මාලාවන් 
සිනමා සංගීතය යන රංග කාර්යයේ වියන්නට සමත් වීමය

.තුන්වැන්න ඩොනල්ඩ් කරුණාරත්න නම් මිනිසාගේ රුප ප්‍රතිනිර්මානයයි ..
කළු සුදු සිනමාව පැවති මෙවන් යුගයක 
ඩොනල්ඩ් ලාගේ නිර්මාණ දායකත්වය 
අද ඩිජිටල් තාක්ෂනය ද නිර්මාණාත්ම ලෙස ගව් ගාණක් අභිබවා සිටී


මට හිතෙන විදිහට කලාවේ මතකය 
පොලිටිකල් සිත්ද අභිබවා සිටින රොමැන්ටික් මතකයකි ..


මගේ සිතුවිලි හරි දැයි ඇසීමට මාක්ස් ,ලෙනින් හෝ චේ නොසිටීම දුකකි ..
වසන්තේ දවසක් ඔවුන්ට මෝඩම මෝඩ චිත්‍රපටයක් වනු ඇත්ද,
කේමදාස ගේ සිංදු සිංහල නිසා නොතේරෙනු ඇත්ද .. නැද්ද ..
අනේ මන්දා

1 comment:

  1. වසන්තේ දවසක් මා නැරඹුවේ ගල්කිස්සේ ඕඩියන් සිනමා ශාලාවේ බව මතකයි. එය නරඹන්නට මා ගියේ මගේ අත්තම්මා හා පුංචි අම්මා සමගයි. අප එකල පදිංචිවී සිටියේ මේ සිනමා ශාලාවට නුදුරිනි. මේ චිත්‍රපටය නරඹනවිට මට වයස අවුරුදු අටක් විය යුතුයි. මෙහි රොමැන්ටික් බව පිලිබඳ අවබෝධයක් එකල තිබුණේ නැතුවා විය යුතුයි මට ඒත් මෙහි දේදුන්නෙන් එන සමනලුනේ ගීයට මා එදත් බෙහෙවින් ප්‍රිය වීමි - එහි දර්ශන පෙල මට හීනයක් මෙන් බොහෝ කල් සිතේ රැඳුණි - පහන් පා කරන දසුන මා සිත බෙහෙවින් බැඳ ගත්තා මතකයි. හීන් සැරේ ඔබ ආවා ගීයත් මට එදා විශේෂ වූ විශේෂ කරුණක් ඇත. ඒ එහි රඟන්නේත් ගයන්නේත් පාසලේ අපට නාට්‍යය හා පෙරදිග ගැයුම ඉගැන්වූ සුනේත්‍රා සරත්චන්ද්‍ර ගුරු මෑණියන් නිසාවෙනි. එකල මේ ගී හා චිත්‍රපටය ප්‍රියවූ හේතුත් අද මට ඒවා ප්‍රිය වෙන හේතුත් සම්පූර්ණයෙන් එකම නොවූවත් වෙනස් යැයි කිව හැකිද නොවේ. ස්තුතියි චතුර අයියා අවදි කලාට ඒ මතක.

    ReplyDelete