Monday, October 26, 2015
Friday, June 5, 2015
Friday, May 22, 2015
සුනිල් එදිරිසිංහ - ජීවිතය පිළිබද ඇසු නොඇසූ ස්වරය නොහොත් "අටවෙනි ස්වරය"
ගීතය තරම්
ජීවිතයේ මතකය හා රැදුනු තවත් කලා මාධ්‍යක් නොවන්නේය ..එයට හේතුව ගීතය අපේ සිත්වල
රැදී පවතින්නේ ජීවිත මතකයන් සමග නිසාය ..
සුනිල්
එදිරිසිංහ වූ කලී එවන්වූ වියමනක ජීවිතය පිළිබද මතක පොතකි ..සත්තකින්ම ඔහු ජීවිතය
පිළිබද ඇසු නොඇසූ ස්වරය නොහොත් අටවන ස්වරයයි
සුනිල් පිළිබද
මගේ මුල්ම මතකය දිව යන්නේ "කුඩා ගමේ මද්දහන "ටයි ..එය ප්‍රේම විරහව
වෙනුවෙන් ගෙතුනු සම්ප්‍රදායික මෙන්ම පශ්චාත් නුතන අත්දකීමේද ප්‍රේමනීය හඩයි ..
ධර්මසිරි ගමගේ
මේ ලියු පද ,වික්ටර්
රත්නායකයන්ගේ සප්ත ස්වරය ,සුනිල් ගේ
විරහ හඩ නැවත කොහේ හෝ ඒ ආකාරයෙන්ම නම් ප්‍රති නිර්මාණය නොවනු ඇත ..ගීතයක් සදාකාලික
වන්නේ මේ අර්ථයෙනි ..කුඩා ගමේ එවන් සදාකාලික ගීතයකි
ජීවිත යථාර්තය
හා නොබැදුණු ගීතය අර්ථ විරහිත හිස් වචන හා නාද පෙළකි ..සුනිලුන් ගයා ඇති බොහෝ ගී
ජීවිත හා සමාජ යථාර්තය හා අත්‍යන්තයෙන් බැදී පවතී..
රජීව් වෙල්ගම
විසින් ලියා ,දර්ශන රුවන් දිසානායක
සංගීතවත් කල සුනිල් ගයන " මෙතරම් සියුමැලිද කළුගල් "නම් ගීතය මට ජීවිතේ පිලිබදව වූ දාස් කැපිටෝලයකි
එම අර්ථයෙන්ම
මගේ සිත සමාජ දේශපාලනිකව ස්පර්ශ කරන තවත් අපුර්ව කලාත්මක ප්‍රතිනිර්මාණයක් නම්
මහින්ද චන්ද්‍රසේකර පද ලියා රෝහණ වීරසිංහ සප්ත ස්වරය මුසු කල "පැන මඩ කඩිති
"ගීතයයි
සුනිල්
එදිරිසිංහ ගැයූ බොහෝ ගීත මගේ රසික සිත කම්පනය කොට තිබේ ..සිය ගණනක් වූ ඒ ගී අතර මා
වෙනුවෙන් ඔහු කියා ඇතැයි සිතෙන ගීතයක්ද තිබේ ..මේ ජීවිතේ මට ආදරේ හිතුන මා ගැන
ආදරේ හිතුන ආදරණීය ගැහැනුන් වෙනුවෙන් මට
ලියන්නට බැරි වූ එහෙත් කුමාර සපුතන්ත්‍රී ලියු රෝහණ වීරසිංහ සංගීතවත් කල
ගීතයකි
කලාවේ නියැලුණු පමණින් කෙනෙකු කලාකාරයෙකු නොවන්නේය ..ගී ගැයූ පමණින්ද කෙනෙකු ගායකයෙක් නොවේ .කෙනෙකු ගායකයෙක් ලෙස ජීවිතය හා ලෝකය සමග සදාකාලිකව බැදී පවතින්නේ ඒ හඩ ජීවිතය හා ලෝකය පිලිබදව රස භාව ප්‍රති නිර්මාණය කරන ලද්දේ නම් පමණි ..සුනිල් එදිරිසිංහ වූ කලී ජීවිතය හා ලෝකය ප්‍රතිනිර්මාණය කල අපුර්ව රස භාවයකි
Friday, April 17, 2015
නිමල් මෙන්ඩිස් - ජනප්‍රිය ඉංගිරිසි සංගීතයේ do re mee වලින් ජනප්‍රිය සිංහල හද ගැස්ම ලියු සදාකාලික තරුණයා
ලාංකීය සිනමා සංගීතයේ තවත් සංධිස්ථානයක් නික්ම ගොසිනි ..
එහෙත් එම මතකය සදාකාලිකය .
.ගීතය අපට ලංවන්නේ මතකය සමගය ..
නිමල් මගේ සිතේ සිටින්නේද එම මතකය සමගය
සුමිත්‍රා පිරිස් ගේ 'ගැහැණු ළමයි "තිරගත වන්නේ අප මහනුවර ධර්මරාජේ දහය පන්තියේ ඉගැනුම ලැබූ කාලයේය ..
ඒ කාලයේ අපේ සිනමා රසයේ "ගැහැණු ළමයි"(1978) චිත්‍රපටය පරමාදර්ශය නොවුනත් ෆැන්ටසියක් විය ..
ඒ කාලයේ අපට ආදරේ හිතුනු ළමයි ගේ මුහුණුවර කුසුම් නොහොත් වසන්ති චතුරානි ට ද ලංවිය
පාසැල් කාලයේ ෆැන්ටසියක් වූ "ගැහැණු ළමයි "ඊට වසර 25 කට පමණ පසු මමම තිර රචනය ලියා "ගැහැණු ළමයි "ටෙලි නාට්‍යයේ මුල් කොටස් පනහ අධ්‍යක්ෂණය කිරීමට පෙලබීමද අපුර්ව අහන්බයකි ("ගැහැණු ළමයි" ටෙලි නාට්‍යට අවසානේ වූ දෙය නම් මට සදා කාලික දුකකි )
මගේ කුසුම් වුයේ නිලුක්ෂිය ..
කුසුම් සොයා වූ වෙහෙසේ අවසානේ මගේ නිර්මාණ හිත ඇ ළඟ නතර විය ..
ඒ වන විට ඇය රඟ පා තිබුනේ ටෙලි නාට්‍ය දෙකක් වූ අතර ඉන් සමු ගෙන රැකියාවක් කරමින් සිටියාය ..නිලුක්ෂි මට මතක තිබුනේ අසෝක අතාවුදහෙට්ටිගේ ටෙලිනාට්‍යක චරිතයකිනි ..
එය බැලු අතීතේ දිනෙක මා ගංගාට නොහොත් මගේ බිරිදට කියා තිබුනේ යම් දවසක මා නිර්මාණයක් කරන්නේ නම් මේ ළමයා මට මතක් කර දෙන ලෙසය .
ඇයව මතක් කලේද ගංගා මය .ජීවිතයත් මාර දෙයකි
එය මාරම වන්නේ මා දුටු අසොකගේ ටෙලියේ නිලුක්ෂි රගපැවේ වසන්ති සමග වීමය .
.ඒ කෙසේ වෙතත් මගේ හැත්තෑව දශකයේ කුසුම් හා වසන්ති පිළිබද මතකය කිසිවෙක් අභිභවා නොසිටී ..නිමල් මෙන්ඩිස් ගේ සංගීතය ද එසේමය
නිමල් සංගීත අධ්‍යක්ෂණය කල ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ "අහසින් පොළොවට "චිත්‍රපටයේ "උපුල් නුවන් විදහා "ගීතයද අපුර්වම ජීවිත මතකයකි ..
ලාංකීය සංගීතයේ වෙනත් කිසිදු සංගීත අධ්‍යක්ෂවරයෙක් සතු නොවූ color එකක් නිමල් සතු විය ..
නිමල් මෙන්ඩිස් ගේ ගීත අතර මා වඩාත් ආකර්ෂණය වන්නේ ලෙස්ටර්ගේ 'සීතා දේවි "සදහා ඔහු නිර්මාණය කල "නිම් හෙව්වා "ගීතය ටය ..
එහෙත් මගේ වියමන එතනින් හමාර කල නොහැක ..
ගඟ අද්දර ගැන මෙන්ම නිමල් මෙන්ඩිස් නිර්මාණ කතාවේ මුල්ම පරිච්ජේදය වූ "මාස්ටර් සර් "ගැනත්
මෙහි නොලියු එවන් අපුර්ව ගීත ගැනත් තව බොහෝ දේ ලිය යුතුව තිබේ
ඔහු ජනප්‍රිය ඉංගිරිසි සංගීතයේ do re mee වලින් ජනප්‍රිය සිංහල හද ගැස්ම ලියු සදාකාලික තරුණයෙකි
නිමල් මෙන්ඩිස් මිය යන්නේ තවමත් තරුණ නිර්මාණ ගොන්නක් අප ළඟ තබාය ..
එවන් වූ මිය ගිය තරුණයන් අපේ කලාවේ අල්පය
Saturday, November 1, 2014
"Bee Gees" හා සසල වූ අසුව දශකයේ තරුණ තරුණියන්ගේ සිත්
Bee Gees වූ කලී ජනප්‍රිය සංස්කෘතිය පිළිබද ව පමණක් නොව
අසුව දශකයේ විනෝදාශ්වාද ලෝකයද ,
අපේ තාරුණ්‍යයේ සදාකාලික මතකයන්ද පිළිබද Sign
එකකි..
Bee Gees සංගීත කණ්ඩායම
සැදුම් ලත් Berry ,Robin සහ Maurice
යන Gibb සහෝදරයන්
අපගේ සංස්කෘතික ලෝකයේ ප්‍රති වීරයන් (Anti-Heroes ) අතර විය..
අපගේ සංස්කෘතික ලෝකයේ ප්‍රති වීරයන් (Anti-Heroes ) අතර විය..
Bee Gees හඩ හා රිද්මය අප සිත් තුළ සදාකාලිකව රැව් දෙන්නට
බලපෑම් කල ගීත බොහෝය .
මේ ඒ අතරින් මා කැමති ගීත කීපයකි ..
HOW DEEP IS YOUR LOVE
TOO MUCH HEAVEN
MASSACHUSETTS
Bee Gees ගීත ගායනා කල "Saturday
Night Fewer "චිත්‍රපටය
නර්තනය කේන්ද්‍රීයව ජනප්‍රිය සිනමාව තුල
බිහි වූ චිත්‍රපට ප්‍රවාහයක සන්ධිස්ථානයක් විය
Maurice 2003 දී මිය ගිය
අතර Robin 2012 දී පිළිකා රෝගයෙන් මිය
ගියේය
Robin 2012 මිය ගිය අතර 2013
දී Bee Gees මතකය සමග Barry
තනිව වේදිකාවකට නැග
ගී ගැයූ අවස්ථාව ඉතා හැගීම්බරය ..
මතකය පිළිබද මෙන්ම ජීවිතය පිළිබදවද අසුව දශකයේ ජීවත් වූ තරුණ තරුණියන්ගේ
සිත් සසල කරන්නට එය සමත්ය
Barry තාමත් තරුණය - කඩවසම්ය
Sunday, September 28, 2014
"වසන්තේ දවසක් "සිංහල නිසා මාර්ක්ස්ට ,ලෙනින්ට හෝ චෙට නොතේරේවීද
ලාංකීය සිනමා ජනප්‍රිය සිනමා කතිකාවේ
අපේ සිත් සිත් රැදී එක් චිත්‍රපටයක් වන්නේ 'වසන්තේ දවසක් "ය
"වසන්තේ දවසක් " තිරගත වුයේ සිනමාව පිළිබඳ උන්මාදයෙන් අප පෙළුණු හැත්තෑව දශකයේ අග භාගයේ වන අතර
එවකට අප දේශපාලනිකව "දාස් කැපිටෝලයද "සිනමාව අතින් ගොඩාර්ඩ් හෝ
ප්‍රන්ස සිනමාව හා ධර්මසේන පතිරාජ කියවමින් සිටි කාලයයි ..
එවන් අපට "වසන්තේ දවසක්
"තාමත් මතක හිටින්නේ ඇයි
වසන්තේ දවසක් තිරගත වුයේ 1979 දීය ..
T .අර්ජුන විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය
political වූ අපේ හදවත් තුළ මෙතරම් romantic වුයේ කෙසේද
මෙම චිත්‍රපටයේ පෙම්වතුන් වූ රවින්ද්‍ර
රන්දෙනිය හා මාලිනී ෆොන්සේකා
,ප්‍රේමනීය සිනමා ෆැන්ටසියේ ස්වර සප්තකය
රංගනයෙන් ප්‍රතිනිර්මාණය කරන්න සමත් වීම ඉන් එක් කාරණයකි ..
දෙවැන්න මෙහි සංගීත නිර්මාණය කළ ප්‍රේමසිරි
කේමදාස
අප ප්‍රේමනීය ෆැන්ටසියේ නාද මාලාවන්
සිනමා සංගීතය යන රංග කාර්යයේ වියන්නට සමත්
වීමය
.තුන්වැන්න ඩොනල්ඩ් කරුණාරත්න නම්
මිනිසාගේ රුප ප්‍රතිනිර්මානයයි ..
කළු සුදු සිනමාව පැවති මෙවන් යුගයක
ඩොනල්ඩ් ලාගේ
නිර්මාණ දායකත්වය
අද ඩිජිටල් තාක්ෂනය ද නිර්මාණාත්ම ලෙස ගව් ගාණක් අභිබවා සිටී
මට හිතෙන විදිහට කලාවේ මතකය
පොලිටිකල් සිත්ද අභිබවා සිටින
රොමැන්ටික් මතකයකි ..
මගේ සිතුවිලි හරි දැයි ඇසීමට මාක්ස් ,ලෙනින් හෝ චේ නොසිටීම දුකකි ..
වසන්තේ දවසක්
ඔවුන්ට මෝඩම මෝඩ චිත්‍රපටයක් වනු ඇත්ද,
කේමදාස
ගේ සිංදු සිංහල නිසා නොතේරෙනු ඇත්ද .. නැද්ද ..
අනේ මන්දා
Subscribe to:
Posts (Atom)





