Saturday, February 8, 2014

ලියන්නට විලාසයක් තිබුණු මිනිසා


මේ සමග share කරන්නේ රාවය 2014 ජනවාරි 26 පළවූ "අජිත් තිලකසේන - නුතන සාහිත්‍යයේ අනුපම කැරැල්ල නම් අතිරේකයට මා අජිත් ගැන ලියු වියමනයි
හැත්තෑවේ අග ,අසුව දශකයේ හා අනුව දශකයේ නිරන්තරව ලියු හා කතා කල මා ගෙවුනු දශකය පුරා කිසිවක් ලීවේ නැත ..එයට බොහෝ හේතු තිබේ ..කෙසේවෙතත් මගේ දශකයක නිහැඩියාව බිදින ලද්දේ "රාවයේ"විමලනාත් වීරරත්නය ..
ඒ සදහා මෙන්ම අජිත් පිළිබද සදානුස්මරණීය අතිරේකයක් ගෙන ඒමට විමලේ ඇතුළු රාවයේ කට්ටිය ගත් උත්සාහයටද ස්තුති ..

මගේ කාලයේ මා බොහෝ ප්‍රිය කල විචාරකයන් හා නිර්මාණකරුවන් වන අශෝක හදගම,එරික් ඉලයප්ආරච්චි  ,කේ .කේ .සමන් කුමාර සහ ලියනගේ අමරකීර්තිද මේ අතිරේකයට එක්වීම ආහ්ලාදයක් ම වූ අතර රාවය පිටු සැකසීම පාඨකයා තුළ පමණක් නොව ලේකඛයා තුළත් අපුර්වත්වයක් ඇති කිරීමට තාමත් සමත්ය 


  












Friday, November 22, 2013

මගේ සින්දු හිත - "මේ තනි යහනේ " - දීපිකාට ඇත්තේ හඩක් නොව හදවතේ හැගීම් පිටකර හරින අපුර්ව හැකියාවකි




දීපිකා ගයා ඇති බොහෝ ගී මගේ සින්දු හිත බෙහෙවින් ප්‍රිය කරයි ..
මෙම ගීතයද ඒ අතර විශේෂයක් දරයි .

.ගීතය තව දුරටත් කනින් අසා රස විඳින කලාවක්ම නොවේ ..
ශබ්ද /රුප කලාවක ගායකයාද performer කෙනෙක් වීම අත්‍යවශ්‍ය වෙයි 
දීපිකා ඒ අතින්ද අප අතර මුලින්ම සිටී ..
ඇය ගයන්නේ හදවතින් බව අපට දැනේ 
එය කෙතරම්ද යත්
 දීපිකාගේ ගීයක් ඇගේ හඬින් ඇසීමටද වඩා ඇය ගයනු දැකීම වඩාත් හැගීම් මවයි 

දීපිකාට  ඇත්තේ හඩක් නොව හදවතේ හැගීම්  පිටකර හරින අපුර්ව හැකියාවකි  
සංගීතය යනු සැබවින්ම මෙය නොවේද 

සංගීතය පමණක් නොව පොදුවේ කලාවම සරළව එයයි 
කලාවට රූප ,අකුරු ,වර්ණ ,රිද්ම ,අභිනව පවතින්නේ කියා ගැනීමටය 
කියා ගැනීමට ඇත්තේ හදවතයි ..හදවත හා බැඳුනු සමාජය හා ලෝකයයි

ගීතයක් යනු හඩම නොවේ 
කරුණාදාස සපුතන්ත්‍රී වීයා ඇති මෙම පද කෙතරම් සරළ හා ගැඹුරුද 
මෙම පද වලට ලිංග බේදයක් , දේශපාලනයක් ,කාලයක් දේශයක් තිබේද ?
මට හිතෙන්නේ සපුතන්ත්‍රී ගේ මෙම පද වියමන් ඒවා අභිභවා සිටින බවයි 

මෙම ගීතයේ සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහය 
අපේ සංගීතයේ රෝහණගේ අපුර්වත්වය මේ ගීතය තුළද තිබේ 



ප්‍රේමයද හුදු රගපෑමක් වන ලෝකයක 
ප්‍රේමය වෙනුවෙන් අවංක වූ ඒ වෙනුවෙන් විරහ වේදනා විදින 
නළු නිළියන් නොවන මිනිසුන්ද ගැහැණුන්ද තවම මේ ලොව සිටී 
මේ ලෝකය තව දුරටත්  මනුෂ්‍ය ලෝකයක් වන්නේ ඒ නිසාය 

කෙනෙක්ගේ හදවතේ නැගුන සැබෑ  ප්‍රේමය සදාකාලිකව පවතී 
ව්‍යාජ වූ වටපිටාව එය වෙනස් නොකරයි 


Saturday, November 9, 2013

මගේ political හිත - 1





මට විභුති මුලින්ම හමු වන්නේ අසුව දශකයේ අගය ..

මා "ලක්දිව 'ට "හිරු"ට කෙටිකතා ලියු කාලයේ මගේ කෙටිකතා අත්පිටපත මට්ටමේම කියවීමට 
ඔහු මග බලා සිටි සැටි 
මගේ මතකයේ තාමත් තිබේ ..

මට විභුති බොහෝ කාලයකින් හමුවුයේද නැත..
දැන් මම කෙටිකතාද නොලියමි .

.බොහෝ කාලයකින් මට කෙටි කතාමය නිර්මාණ ආවේගද නැත

Sunday, October 13, 2013

MAGE SAHURDHA SITHA: සාමා අමර එන්න මල් පිපීලාද බලන්න,CHE ගේ සුරුට්ටුව ...

MAGE SAHURDHA SITHA: සාමා අමර එන්න මල් පිපීලාද බලන්න,CHE ගේ සුරුට්ටුව ...:                  1  සාමා අමර එන්න    මල් පිපීලාද බලන්න FACE BOOK   එකේ දුටුවා මේ කවිය                 ….. නවනාදන් පිල්ලේ නෝනා...