Sunday, September 28, 2014

"වසන්තේ දවසක් "සිංහල නිසා මාර්ක්ස්ට ,ලෙනින්ට හෝ චෙට නොතේරේවීද



ලාංකීය සිනමා ජනප්‍රිය සිනමා කතිකාවේ අපේ සිත් සිත් රැදී එක් චිත්‍රපටයක් වන්නේ 'වසන්තේ දවසක් "ය


"වසන්තේ දවසක් " තිරගත වුයේ සිනමාව පිළිබඳ උන්මාදයෙන් අප පෙළුණු හැත්තෑව දශකයේ අග භාගයේ වන අතර 
එවකට අප දේශපාලනිකව "දාස් කැපිටෝලයද "සිනමාව අතින් ගොඩාර්ඩ් හෝ 
ප්‍රන්ස සිනමාව හා ධර්මසේන පතිරාජ කියවමින් සිටි කාලයයි ..






                             


එවන් අපට "වසන්තේ දවසක් "තාමත් මතක හිටින්නේ ඇයි



වසන්තේ දවසක් තිරගත වුයේ 1979 දීය ..
T .අර්ජුන විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය 
political වූ අපේ හදවත් තුළ මෙතරම් romantic වුයේ කෙසේද

මෙම චිත්‍රපටයේ පෙම්වතුන් වූ රවින්ද්‍ර රන්දෙනිය හා මාලිනී ෆොන්සේකා 
,ප්‍රේමනීය සිනමා ෆැන්ටසියේ ස්වර සප්තකය 
රංගනයෙන් ප්‍රතිනිර්මාණය කරන්න සමත් වීම ඉන් එක් කාරණයකි ..




දෙවැන්න මෙහි සංගීත නිර්මාණය කළ ප්‍රේමසිරි කේමදාස
 අප ප්‍රේමනීය ෆැන්ටසියේ නාද මාලාවන් 
සිනමා සංගීතය යන රංග කාර්යයේ වියන්නට සමත් වීමය

.තුන්වැන්න ඩොනල්ඩ් කරුණාරත්න නම් මිනිසාගේ රුප ප්‍රතිනිර්මානයයි ..
කළු සුදු සිනමාව පැවති මෙවන් යුගයක 
ඩොනල්ඩ් ලාගේ නිර්මාණ දායකත්වය 
අද ඩිජිටල් තාක්ෂනය ද නිර්මාණාත්ම ලෙස ගව් ගාණක් අභිබවා සිටී


මට හිතෙන විදිහට කලාවේ මතකය 
පොලිටිකල් සිත්ද අභිබවා සිටින රොමැන්ටික් මතකයකි ..


මගේ සිතුවිලි හරි දැයි ඇසීමට මාක්ස් ,ලෙනින් හෝ චේ නොසිටීම දුකකි ..
වසන්තේ දවසක් ඔවුන්ට මෝඩම මෝඩ චිත්‍රපටයක් වනු ඇත්ද,
කේමදාස ගේ සිංදු සිංහල නිසා නොතේරෙනු ඇත්ද .. නැද්ද ..
අනේ මන්දා

Sunday, August 31, 2014

උමාරියා ,හන්තානේ සිහිනේ ,තාරකා සහ ගැහැණු ළමයි


උමාරියා අමරදේවයන් සමග ගයන ලද "හන්තාන සිහිනේ "ගීතය 
මට අසන්නට ලැබුනේ මෑතකය ..
යම් ගීතයක් ඇසු මුල්වරම සිත පැහැර ගන්නේ කලාතුරකිනි 
..මෙය එසේ මා හිත වශී කල ගීතයක් විය ..




මෙම ගීතය මා මුල්වරට අසා සතියකට පමණ පස්සේ උමාරියා "සිරස ඩාන්සින් ස්ටාර් 'වැඩසටහනට සහභාගී වූ අතර එහිදී ගයන්නට ඇයට තෝරා දුන්නේද එම ගීතයයි






මෙහි පද රචනය කොට ඇත්තේ ජනක සිරිවර්ධන විසින් වන අතර සංගීත නිර්මාණය අරුණ ගුණවර්ධන ගේ ය ..පද රචකයෙක් සහ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් ගීතයක හැඩය ,අර්ථය ,අපුරත්වය කෙරිහි කෙතරම් ප්‍රබල "ස්වර සප්තකයක් "වන්නේද යන්න පිලිබදව කල්පනා කර බලන්නට මෙම ගීතයත් හොද අවස්ථාවක් සපයනවා ..අනෙක ජීවිතය ගැන ගොතන්නට සරළ පද හා නාද රටාවන්ටත් හැකියාව තියෙනවා නොවේද ..


උමාරියා මෙරට බිහි වූ ගායිකාවන් අතරින් පුළුල්ම පරාසයක තම හඩ හා උච්චාරණය හැසිරවිය හැකි ගායිකාවන් අතලොස්ස අතර ඉදිරියෙන්ම සිටින බව මෙම ගීතයද ඔප්පු කරනවා ..බටහිර ගායනයේ ඉහලම නාද රටාවන් තම හඩේ  tune කර ඇති ඇය මේ tune කරන්නේ සිංහල හඩේ ඉහලම ස්ථානයන් නොවන්නේද




උමාරියා ගයන මෙම ගීතයේ ඇගේ සිංහල ගායන පරාසය සමග මගේ හිත වසර කීපයක් ඇතට දිව ගියේ මං තිර රචනය ලියා අධ්‍යක්ෂණය කල "ගැහැණු ළමයි "ටෙලි නාට්‍යයේ උමාරියා ගැයූ  තේමා ගීතයටයි (මෙම ටෙළි නාට්‍යයට මගේ සම්බන්දකම් මුල් episode හැටට පමණයි .)






"හිරු ගේ රැස් හොරෙන් ගෙනල්ලා " නම් ගැහැණු ළමයි ටෙලි නාට්‍යයේ තේමා ගීතය මං එම ටෙලිනාට්‍යයට දක්වන ලද සම්බන්ධතාවයට බැහැරින් කල්පනා කරද්දී මට හිතෙන්නේ මෙරට ටෙලිනාට්‍යය තේමා ගී අතර විශිෂ්ටතම නිර්මාණයක් බවයි .මෙහි උමරියාගේ හඩ   සිංහල ස්වරයේ නව වර්ණ මතු කරන අතරම අසේල බණ්ඩාර ගේ සංගීත නිර්මාණය හා ඔහු උමාරියාගේ හඩ හසුරුවා ඇති අන්දමද අපුරුය ..ඒ හැම අතර මෙහි තාරකා වාසලමුදලි ගේ පද රචනය මා සිත් තුළ හැමදාමත්  රැව් දේ..


"ගැහැණු ළමයි "ටෙලි නාට්‍යට ප්‍රථම සිරස TV විකාශය වූ "කාව්‍යා " සහ "කිදුරන්ගනා " ටෙලි නාට්‍ය දෙකේම තේමා ගීත ලියු මම ,මං නිර්මාණය කල ටෙලියේ තේමා ගීතය ලියන්නට තවත් කෙනෙක්ට ඇරයුම් කිරීමත් සුවිශේෂී වෙයි ..තාරකා මෙම ගීතයට මටද වඩා සාධාරණයක් ඉෂ්ට කරන බව මම විශ්වාස කල අතර එය එසේම සිදුවිය ..මතකයේ රැදෙන්නට ගීත දහසක් ලිවීම අවශ්‍ය නොවේ 




Sunday, June 8, 2014

හැත්තෑව අසූව දශකයේ ජනප්‍රිය ඉංග්‍රීසි ස්වර සප්තකය

ලෝක ජනප්‍රිය සංගීත සංස්කෘතියේ අමරණීය දශකයක් වන්නේ හැත්තෑවේ අග හා අසුව දශකයයි ..මේ  කාලය තුල බිහි වූ සංගීත කණ්ඩායම් ,ගායක ගායිකාවන් අපමණ වුවත් BEEGEES ,ABBA  හා BONEY M ආශ්වාදනය කිරීමම මා මේ කියන සංගීත පරාසය ස්පර්ශ කිරීමට සැහේ යැයි සිතේ 





Beegees සංගීත කණ්ඩායම බිහිවන්නේ 1958 තරම් ඇත කාලයකය .එහෙත් ඔවුන් තාරුණ්‍යයට පත්වන්නේ හැත්තෑවේ සහ අසුව දශකයේය ..එවකට පොප් සංගීතයේ හදවත කිට්ටුවෙන්ම සිටින්නට Beegees ලා සමත් විය Barry, Robin Maurice Gibb සහ යන සහෝදරයන් තිදෙනා ගෙන් සැදුම් ලත් beegees කණ්ඩායමේ නායකයා වුයේ Barry Gibb ය . ඔහු එවකට ජනප්‍රියත්වයේ ගිනි පෙත්තේම පසුවූ යව්වනේ තාරකාවක් විය .Barry ගේ සංගීතය මෙන්ම හඩද ඔහුටම ආවේනික එකක් වූ අතර එය පොප් ගීතයට නැවුම් අත්දැකීමක් විය 


"Too Much Heaven"

[CHORUS:]
Nobody gets too much heaven no more
It's much harder to come by
I'm waiting in line
Nobody gets too much love anymore
It's as high as a mountain
And harder to climb

Oh you and me girl
Got a lot of love in store
And it flows through you
And it flows through me
And I love you so much more
Then my life..I can see beyond forever
Ev'rything we are will never die
Loving's such a beautiful thing
Oh you make my world.. a summer day
Are you just a dream to fade away

[Chorus]

You and me girl got a highway to the sky
We can turn away from the night and day
And the tears you had to cry
You're my life..
I can see a new tomorrow
Ev'rything we are will never die
Loving's such a beautiful thing
When you are to me, the light above
Made for all to see our precious love

[Chorus]

Love is such a beautiful thing
You make my world a summer day
Are you just a dream to fade away

[Chorus]

Nobody gets too much love anymore
It's as wide as a river and harder to cross

 Beegees හැත්තෑව දශකයේ ජනප්‍රිය සංස්කෘතියේ අවධානයට ලක් වන එක් වැදගත් සිදුවීමක් වන්නේ "Saterday night fever "චිත්‍රපටයයි .මෙම චිත්‍රපටය නර්තනය පසුබිම් කරගත් සිනමාවේ සන්ධිස්ථානයක් වන්නා සේම සිනමා සංගීතය වඩාත් රසිකයන් ගේ සිත් තුල ලැගුම් ගත් අවස්ථාවක්ද වෙයි .."Saturday night fever "චිත්‍රපටය ,එහි ප්‍රධාන නළුවා වූ Jhon travolta ගේ නර්තනය සහ Beegees ලා ගැයූ ගීත ස්පර්ශ නොකල කෙනෙක් හැත්තෑවේ දශකයේ අසුව දශකයේ වුයේ නම් ඔවුන් ජීවිතය යව්වනෙන් ස්පර්ශ කල ඇත්තෝ නොවිය හැක .මා මේ කතා කරන චිත්‍රපට ,නර්තන ,ගායනා අදටත් තරුණය ..නුතනය 



බොහෝ බටහිර සංගීත කණ්ඩායම් මෙන්ම Beegees  ලාද ඕපපාතිකව බිහි වුවන් නොවේ ..ඔවුන්ගේ සංගීතය බිහි වූ සංගීත මුලාශ්‍ර බොහෝය .Disco,Soft Rock,Psychedelic Rock,Psychedelic Pop සහBaroque Pop ඒ අතරින් කීපයක් ලෙස සැලකේ 






Beegees ලාට සමගාමීව හැත්තෑවේ දශකයේ ඉහලම ජනප්‍රියත්වයකට පත් වූ Abba සංගීත කණ්ඩායම සමන්විත වුයේ Agnetha, Benny, Björn සහ Anni ගෙන් වන අතර Abba සංගීත කණ්ඩායමේ නම  නිර්මාණය වුයේ ඔවුන්ගේ නම් වල මුල් අකුරු පදනම් කරගෙනය..Abba  බිහිවන්නේ 1972 ය





"Fernando"

Can you hear the drums Fernando?
I remember long ago another starry night like this
In the firelight Fernando
You were humming to yourself and softly strumming your guitar
I could hear the distant drums
And sounds of bugle calls were coming from afar

They were closer now Fernando
Every hour every minute seemed to last eternally
I was so afraid Fernando
We were young and full of life and none of us prepared to die
And I'm not ashamed to say
The roar of guns and cannons almost made me cry

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando
Though we never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, Fernando

Now we're old and grey Fernando
And since many years I haven't seen a rifle in your hand
Can you hear the drums Fernando?
Do you still recall the fateful night we crossed the Rio Grande?
I can see it in your eyes
How proud you were to fight for freedom in this land

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando
Though we never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, Fernando

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando
Though we never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, Fernando
Yes, if I had to do the same again
I would, my friend, Fernando...

There lived a certain man in Russia long ago
He was big and strong, in his eyes a flaming glow
Most people looked at him with terror and with fear
But to Moscow chicks he was such a lovely dear
He could preach the bible like a preacher
Full of ecstacy and fire
But he also was the kind of teacher
Women would desire




Abba සංගීතයේ මුලාශ්‍ර වන්නේ Pop,Disco සහ Europe Disco  ය 




Beegees සමග මෙම යුගයේ චිත්‍රපටයක් සම්බන්ධ වන්නා සේම Abba ද ජනප්‍රිය චිත්‍රපටයකට පදනම් වෙයි ..මෙහි විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය Abba සංගීත කණ්ඩායමම වස්තු විෂය කර ගැනීමයි ."Abba the movie "නම් මෙම චිත්‍රපටය හැත්තෑවේ දශකයේ බිහි වූ සොදුරුම චිත්‍රපට අතර මගේ මතකයේ රැදුනකි. එය ජනප්‍රිය සංගීතමය චිත්‍රපට ප්‍රභේදයේ සදානුස්මරණීය චිත්‍රපටයකි 






ජර්මානු සංගීත තැටි නිෂ්පාදකයෙකු වන Frank Farian විසින් 1972 පිහිටුවන ලබන Boney M සංගීත කණ්ඩායම සමන්විත වුයේ Liz,Marcia ,Reggie යන ජැමෙයිකන් ගායිකාවන් ගෙන් හා අරුභා සම්භවයක් වූ Bobby ගෙන්ය 


RA RA RASPUTIN
Lover of the Russian queen
There was a cat that really was gone
RA RA RASPUTIN
Russia's greatest love machine
It was a shame how he carried on

He ruled the Russian land and never mind the Czar
But the kasachok he danced really wunderbar
In all affairs of state he was the man to please
But he was real great when he had a girl to squeeze
For the queen he was no wheeler dealer
Though she'd heard the things he'd done
She believed he was a holy healer
Who would heal her son

RA RA RASPUTIN
Lover of the Russian queen
There was a cat that really was gone
RA RA RASPUTIN
Russia's greatest love machine
It was a shame how he carried on




Boney M සංගීතය හැත්තෑවේ හා අසුව දශකයේ අපුර්වතම සංගීත සප්තකයක් මැවූ අතර කළු  මිනිසුන් හා ගැහැණුන් ජනප්‍රිය සංගීතයේ තාරකාවන් බවට පත්වීමද ඉතිහාසගතය 




සංගීතයේ නුතන performing art පටන් ගැනුනේ Beegees ලා ,Abba ලා සහ Boney M ලාගෙන් බවට සටහන් කොට තැබීමද වරදක් නොවේ.Beatles ලා ,Elvis ලා සංගීතයේ මතුකල ප්‍රාසාංගික කම පශ්චාත් නුතන කිරීමට ඔවුන් කල දායකත්වය විශාලය .Michel Jackson පටන් ගන්නේ එතැනින්ය 

Saturday, May 31, 2014

ප්‍රේමය සිරියස්ද නැත්නම් බොලදද කියා තවම කිසිවෙක් සොයාගෙන නැත

ප්‍රේමය පිළිබද මගේ සිනමා සිතේ රැදුණු චිත්‍රපට බොහෝය ..
ඒ අතරින් "ගොළු හදවත "තවමත් යොවුන් ප්‍රේමයේ චමත්කාරය මවයි .
එවන් වූ ලාංකික හා විදේශ සිනමා කෘති දහසක් පරිශීලනය කර ඇතත් "ගොළු හදවත "තවමත් මොකද්දෝ දෙයක්  හිතේ ඇති කරයි ..
එය අපගේ පාසැල් වියේ ප්‍රේමය සිහියට නගයි .
දම්මි වූ අනුලා කරුණාතිලක දම්මි  අභිබවා එවකට අපට ආදරේ හිතුනු ගැහැණු ළමයි සිහිකරයි .
එසේ සිහිවීම කිසිසේත් බොලද කමක් විය නොහැක .\මිනිසුන් හා ගැහැණුන් වර්ෂ වලින් වයසට ගියත් මතකයෙන් වයසට නොයයි





 ප්‍රේමය පිළිබද මගේ සිනමා සිතේ රැදුණු දෙවන චිත්‍රපටය වන්නේ
 Krzysztof Kieslowski ගේ  "A short film about love"ය



A short   film about love චිත්‍රපටය ගැහැණිය හා මිනිසා නම් ප්‍රේමවන්තයන් අත්  විදිනා
 ප්‍රේමයේ තවත් අපුර්ව අත්දැකීමක් ප්‍රති නිර්මාණය කරයි

අප සිනමාව හැදෑරු මුල් යුගයේ අපගේ අවධානයට ලක් වූ සීරියස් පෝලන්ත සිනමාකරුවෙක් වූ  කිසලොව්ස්කි අතින් ලිය වූ අපුර්වම සරළ පෙම් කවිය "A short film about love " ය

(QUOTE)...Krzysztof Kieślowski (Polish pronunciation: [ˈkʂɨʂtɔf kʲɛˈɕlɔfskʲi] ( ); 27 June 1941 – 13 March 1996) was an influential Polish film director and screenwriter known internationally for The Decalogue (1989), The Double Life of Véronique (1991), and The Three Colors Trilogy (1993–1994).[1][2] Kieślowski received numerous awards throughout his career, including the Cannes Film Festival Jury Prize (1988), FIPRESCI Prize (1988, 1991), and Prize of the Ecumenical Jury (1991); the Venice Film Festival FIPRESCI Prize (1989),Golden Lion (1993), and OCIC Award (1993); and the Berlin International Film Festival Silver Bear (1994). In 1995 he receivedAcademy Award nominations for Best Director and Best Writing.[3] In 2002 Kieślowski was listed at number two on the British Film Institute's Sight & Sound Top Ten Directors list of modern times.[4]


වයස 19 ක තරුණ තැපැල් කරුවෙක් ( Tomek)අසල තට්ටු නිවාසයේ වාසය කරන වයස්ගත කාන්තාවක් (Magda)කෙරෙහි ඇති කරගන්නාවූ ෆැන්ටසියක් කේන්ද්‍ර කර ගන්නා මෙම චිත්‍රපටය සිනමා ඉතිහාසයේ ප්‍රේමයේ මානුසික පැත්ත පිළිබද ගෙතුණු අපුර්වතම වියමනකි



ප්‍රේමය පිළිබද මගේ සිනමා සිතේ රැදුණු චිත්‍රපට තුන්වන  වියමන විජය ධර්මශ්‍රී ගේ "දුහුළු මලක් "සහ ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක් ය.
ඒවා  ප්‍රේමයේ තවත් ඉසව්වක් පිළිබද ලියවුනු විකල්ප කවිය
අසම්මත ආදරයේ මානුෂික අත්විදීම් මේ චිත්‍රපට දෙකටම වස්තු විෂය වෙයි











දුහුළු මලක් හි නිලුපා හා රොහාන්ද ,හංස විලක් හි මිරැන්ඩා හා නිශ්ශංක ද ප්‍රේමයේ තවත් පෙම්වතුන් ගෝත්‍රයක් නියෝජනය කරයි

 සුගත් හා දම්මිලාද ,ටොමෙක් හා මග්දලාද ,නිලූපලා හා රෝහාන්ලාද ,නිශ්ශංක හා මිරැන්ඩලාද සදාකාලික චරිතයෝය  .මක් නිසාද යත් ප්‍රේමය නියෝජනය කල සියලු චරිතයන් සදාකාලික වන නිසාය .
ලෝකය පවතින්නේ ප්‍රේමය නිසාමය
එය සිරියස්ද නැත්නම් බොලදද කියා තවම කිසිවෙක් සොයාගෙන නැත



Saturday, May 17, 2014

ජනප්‍රිය සංස්කෘතියේ JIM REEVES

ජනප්‍රිය සංස්කෘතියේ බටහිර මුල් සොයා යාමේදී එහි කියවිය යුතු එක් වැදගත් වියමනක් (text) වන්නේ ජිම් රීව්ස්ය ..එක් අතකට Jim ජනප්‍රිය ප්‍රවාහයේ සංකේතයක් පමණක්ම නොවේ .බටහිර අධිපති මතවාදයේද එවකට ඔහු Anti hero කෙනෙක් ලෙස ආදරයට ලක් විය ..

ලෝක සංස්කෘතික ඉතිහාසය තුළ පුර්ව නුතන යුගයේ වඩාත් ගැහැණුන් ගේ ආදරයට හා ෆැන්ටසියට ලක් වූ පිරිමින් දෙදෙනෙක් වේද ඒ  Jim Reeves හා Elvis Presley විය යුතුය .


Jim Reeves




                                                            Elvis Presley

(Quote Wikipedia)...Jim Reeves was born in Galloway, Texas, a small rural community near Carthage. Winning an athletic scholarship to the University of Texas, he enrolled to study speech and drama, but quit after only six weeks to work in the shipyards in Houston. Soon he resumed baseball, playing in the semi-professional leagues before contracting with the St. Louis Cardinals "farm" team during 1944 as a right-handed pitcher. He played for the minor leagues for three years before severing his sciatic nerve while pitching, which ended his athletic career

Reeves began to work as a radio announcer, and sang live between songs. During the late 1940s, he was contracted with a couple of small Texas-based recording companies, but without success. Influenced by such Western swing-music artists as Jimmie Rodgers and Moon Mullican, as well as popular singers Bing Crosby, Eddy Arnold and Frank Sinatra, it was not long before he was a member of Moon Mullican's band, and made some early Mullican-style recordings like "Each Beat of my Heart" and "My Heart's Like a Welcome Mat" from the late 1940s to the early 1950s.




(Quote )..Reeves' first successful country music songs included "I Love You" (a duet with Ginny Wright), "Mexican Joe", and "Bimbo" which reached Number 1 in 1954 on the U.S. Country Charts, and other songs with both Fabor Records and Abbott Records. Abbott released his first album in November 1955, Jim Reeves Sings (Abbott 5001), which was the label's only album release. Earlier in 1955, he was signed to a 10-year recording contract with RCA Victor by Steve Sholes, who produced some of Reeves' first recordings at RCA and signed Elvis Presley for the company that same year. Also in 1955, he joined the Grand Ole Opry[2] and made his first appearance on ABC-TV's Ozark Jubilee, where he was a fill-in host from May–July 1958.




Jim Reeves බටහිර ජනප්‍රිය සංස්කෘතියේ පුර්ව නුතන සංස්කෘතික යුගයේ ප්‍රති වීරයා වීමට බලපෑම් කල Socio cultural signs මොනවාද .අනිවාර්යයෙන් ඉන් එකක් වන්නේ සංස්කෘතික වාහකයෙක් ලෙස "Jim Reeves" නම් මිනිසා තුළ තිබු පෞර්ශවයයි .ඔහුගේ හඬේ ද එම පෞර්ශවය ගැබ් වෙයි .




කලාවේ පමණක් නොව දේශපාලනයේද සමාජ සංස්කෘතික වාහකයන් වීමටද මෙම "සමාජ සංස්කෘතික පෞර්ශවය" අවශ්‍ය වෙයි .එම අර්ථයෙන් ජනප්‍රිය සංස්කෘතිය තුල Jim  කියවිය යුත්තේ මානව හිතවාදයේ හා විකල්ප දේශපාලනයේ Che Guevara ව කියවන අර්ථයෙනි  . Che Guevara ගේ සමාජ දේශපාලනික පෞර්ශවය සදාකාලිකය




ජිම් සදාකාලික  සමාජ සංස්කෘතික sign  එකක් වන්නට හේතු දෙවන කාරණය වන්නේ
  ඔහුගේ හඬේ පවතින "පිරිමි 'ස්වරයයි .
එය අපේ සමාජයේ ජෝතිපාල හෝ  විජය කුමාරතුංග සමාජ සංස්කෘතික  අර්ථයෙන් විමසීමකි
 (මගේ මෙම සංස්කෘතික ,සමාජ වියමන පුරුෂ  දෘෂ්ටියකින් අර්ථ නිරුපනය නොවටී .
පුරුෂයන් ලෝකයේ සුවිශේෂ සත්ව ගෝත්‍රයක් නොවේ )







Jim Reeves පිළිබද මගේ කතිකාව ජෝතිපාල හා  විජය  දක්වා ගෙතීම එම ගෙතිමේම එක් අවශ්‍ය ගෙතීමක් ලෙස මට පෙනෙන දැනෙන දෙයක් මිස වෙනත් අර්ථයක් නොවේ .

මම දැන් ජිම් වෙත යා යුතුව තිබේ .මා සිංහලෙන් කතා කල දේ පිළිබඳ මේ ජිම් ගේ ඉංගිරීසි අර්ථ නිරුපණයයි .




  

මට ජිම් තව අර්ථයකින් දැනෙන්නේ ලාංකීය සංගීතයේ ජෝතිපාල හා අමරදේව අතරය. අමරදේව කෙතරම් ලාංකීය ගීතයේ සම්භාව්‍ය ගායකයා ලෙස වන අර්ථ නිරුපනය තුළ වුව ප්‍රේමය ගැන ඔහු ගැයූ ගී ප්‍රමාණය Jim Reeves අභිභවා සිටී ,ප්‍රශ්ණය ඇත්තේ අපේ සම්භාව්‍ය ජනප්‍රිය මෝඩ කලා විචාරයේය




Jim හැදුන් වුයේ Gentlemen Jim යනුවෙනු .ඔහුගේ සදාකාලික ජනප්‍රියත්වයද රැදුනේ එතැනය .ප්‍රේමය ,එහි ප්‍රේමනීය බව පිළිබද සදාකාලිකව ගැයූ Jim Reeves හා ආදරය වෙනුවෙන්  පෙනී සිටින මිනිසුන් හා මානව හිතවාදීන් කෙරෙහිද මා තුළ ඇත්තේ ආදරයකි ..Jim Reeves ගැයූ දහසක් ගී අතර මා ප්‍රිය කරන එක් ගීතයක් වන එය මේ ආදරය වෙනුවෙනි


 

"Have I Told You Lately"
Have I told you lately that I love you
Have I told you there's no one else above you
Fill my heart with gladness
take away all my sadness
ease my troubles that's what you do

For the morning sun in all it's glory
greets the day with hope and comfort too
You fill my life with laughter
and somehow you make it better
ease my troubles that's what you do
There's a love that's divine
and it's yours and it's mine like the sun
And at the end of the day
we should give thanks and pray
to the one, to the one

Have I told you lately that I love you
Have I told you there's no one else above you
Fill my heart with gladness
take away all my sadness
ease my troubles that's what you do

There's a love that's divine
and it's yours and it's mine like the sun
And at the end of the day
we should give thanks and pray
to the one, to the one

And have I told you lately that I love you
Have I told you there's no one else above you
You fill my heart with gladness
take away my sadness
ease my troubles that's what you do
Take away all my sadness
fill my life with gladness
ease my troubles that's what you do
Take away all my sadness
fill my life with gladness
ease my troubles that's what you do


ලෝකය ආදරය හා පවතින තුරු එය සුරක්ෂිතය .
පුද්ගලිකවද සමාජ දේශපාලනික අර්ථයෙන්මද එය එසේමය .
පෙම් ගී වල සමාජ දේශපාලනික ප්‍රති නිර්මාණ අර්ථයද බොහෝ විට ඒ ආකාර ගනී .එයට භාෂාවක් නැත ,



Friday, May 9, 2014

ගොළු හදවත පිළිබද මතකයන් බොහෝය


ගොළු හදවත පිළිබද මතකයන් බොහෝය .
එක් classical යුගයක බොළද පෙම්වතුන් වූ සුගත් හා දම්මි
 අතීත ආවර්ජනය තුළ සිටින්නේ කොහි දැයි සොයා බැලීම වටී .
එයට බුද්ධිමත් හෝ බොළඳ බවක් පවතීද ?කාලයක් ,දේශයක් ,කුලයක් ,මවක් පවතීද ?




ආදරය පිළිබදව වූ ෆැන්ටසියන් සදාකාලිකය .ඒවායේ හඩ හා ස්වරයද එසේමය .




කාල් මාක්ස් දාස් කැපිටෝලයෙන් ආදරය නොකළ අතර ඩාවින් ප්‍රේම කළේ පරිනාමවාදයේ මුලධර්ම ආශ්‍රයෙන් විය නොහැක .
අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය සොයා ගත්තේ ප්‍රේම කිරීමට බැහැරවය